IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අතුරුපස

ප්‍රේම සිනාවෝ  



අවසර නැතිව....  


මුහුදු වෙරළේ වැටකේ පඳුරක් යට පෙම් සුව විඳින යුවළකි. තරුණිය විනීතය. ලජ්ජාශීලීය. තරුණයා කල්යල් බලා ඇයට හාදුවක් දුන්නේය.   
‘ඔයා මට කියන්නෙවත් නැතිව එක පාරටම මොකක්ද ඒ කළේ? මම කැමැති නෑ ඕවට!’  
තරුණයා වහා පසුබැස මෙසේ කීවේය.  
‘එහෙනම් ඒක මට ආපහු දෙන්න!’  



බිම්ගෙය දිගයි!  


පෙම්වත් යුවළක් උඩරට සිරි නරඹමින් බදුලු දුම්රියේ යමින් සිටියහ. කුඩා බිංගෙවල් රාශියක් පසුකර පැමිණි දුම්රිය මෙවර ගමන් කරන්නේ දීර්ඝ බිංගෙයක් තුළිනි. විදුලි පහන් ක්‍රියාත්මකව නොතිබූ නිසා මැදිරිය ඝනාන්ධකාරයේ ගිලී ගියේය.  
උමං මග පසුකළ සැණින් පෙම්වතා පෙම්වතියගේ කනට කොඳුරා මෙසේ කීය. ‘ඇත්තටම ඒ බිංගේ එච්චර දිගයි කියල දන්නව නම් මම ඔයාව ඉඹිනවා!’  
පෙම්වතිය පුදුමයෙන් ඔහුගේ මුහුණ බැලුවාය.  
‘ඒ... එහෙනම් ඒ ඔයා නෙවෙයිද?’  



හින්දි පෙම්වතුන්  


ලජ්ජා බය ඇතිව හැදුණු කෝඩුකාර තරුණයාට ඔහුගේ පෙම්වතිය නෝක්කාඩු කියන්නට වූවාය.  
‘ඔය හින්දි චිත්‍රපටවල කොල්ලො කෙල්ලට කොච්චර හොඳට ආදරේ කරනවද? ඉතින් ඔයාට බැරි මොකද මටත් එහෙම කරන්න?’  
‘ඒ ගොල්ලන්ට ඒවට හොඳට ගෙවනවනේ!’  

 



ආදර මුද්‍රණ  


පොත්පත් මුද්‍රණය සහ ප්‍රකාශනය සිදුකරන එම ආයතනයේ සේවය කළ තරුණයා කොම්පියුටර් කෙල්ලගෙන් මෙසේ ඇසීය.  
‘මං ඔයාගෙ තොල් දෙක උඩ හාද්දක් ප්‍රින්ට් කරන්නද?’  
තරුණිය ආදර සිනහවක් පෑවාය.  
‘කමක් නෑ! හැබැයි ඒක පබ්ලිෂ් කරන්න එපා!’    



තරහට නෙවෙයි   


හා පුරා කියා තම පෙම්වතියට ලොකු චොක්ලට් පෙත්තක් මිලදී ගත් කුමාර එය ඇයට දුන්නේය. ප්‍රීතිය ඉහ වහා ගිය ඇය ඔහු බදාගෙන හාදු කීපයක්ම දුන්නාය.  
සිහිනයකින් අවදි වූ කලෙක මෙන් ඇය දෙස මොහොතක් බලා සිටි කුමාර වහා ආපසු හැරී දුවන්නට සැරසුණි. පුදුමයට පත් ඇය ඔහුගේ අතින් ඇද නවත්වා ගත්තේ අපහසුවෙනි.  
‘අනේ ඔයා තරහ වුණාද ඒකට? මම එහෙම කළේ ආදරේටනේ... කොහෙද ඉතින් ඔය යන්නෙ?’  
‘නෑ මම තරහවෙලා යනව නෙවෙයි... මං ඉක්මනට තව චොක්ලට් එකක් අරගෙන එන්නම්!’  



දෙවෙනි මනමාලි  


කුස්සියේ වැඩ කරන සිරිමතී තරමක් මෝඩ වුවත් හැඩ වැඩ ඇති මැදිවියේ කතකි. මෙතෙක් අවිවාහකව සිටි තම ස්වාමිදුවට කසාදයක් හරියාම ගැන සතුටින් සිටි ඇය, නිතරම දෙඩවූයේ ඒ ගැනමය.  
‘නෝනා... දැන් ඉතින් බඳින දවසත් ළඟයිනේ. අනේ නෝනා මාවත් එදාට දෙවෙනි මනමාලිට ගන්ටකෝ!’  
‘උඹ දෙවෙනි මනමාලිට ගන්න? පිස්සු නොකියා ඉඳපන්. උඹ මේ ගෙදර වැඩකාරි නේද?’  
‘ඉතින් ඒකනේ නෝනා මං කිව්වෙ මාව දෙවෙනි මනමාලිට ගන්ට කියලා!’

 


  

නෝක්කාඩුව  

 

‘තමන්ගෙ භාර්යාව වෙලත් ඔයා මට සලකන විදිය වැරැදියි!’  
බිරිය නොක්කාඩු ස්වරයෙන් සැමියාට කීවාය.  
‘බලන්න අල්ලපු ගෙදර එක්කෙනා...! එයා කමලට කොච්චර ආදරෙන්ද ඉන්නෙ? ඇයි ඔයාට එහෙම කරන්න බැරි?’   
‘බැරිකමක් නෑ!’ සැමියා කීය. ‘මම උත්සාහ කරලා බලන්නම්! ඒත් කමලා කැමැතිවෙයිද කවුද දන්නෙ?’  

 

 

කළණ මිතුසඳ  

 
 
 
 



අදහස් (0)

අතුරුපස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site