IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහේන්ද්‍ර සිං දෝනිට පද්ම භූෂණ සම්මානය

ඉන්දියානු කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාවේ තෙවැනියට උසස්ම සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ලුතිනන් කර්නල්වරයකු ලෙස ගරු පදවියක් හිමි දෝනි, සම්මාන උත්සවයට පැමිණ සිටියේ සිය හමුදා නිල ඇඳුමින් සැරසීගෙනය. ජනාධිපති රාම් නාද් කෝවින්ද් අතින් රාෂ්ට්‍රපති භවනේදී පසුගිය සඳුදා ඔහු එම සම්මානය ලබා ගත්තේය.

 

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම නායකයා වශයෙන් පිළිගැණෙන දෝනි අයිසීසී ලෝක කුසලානය, 20 විස්ස ලෝක කුසලානය සහ චැම්පියන්ස් කුසලානය වැනි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සියලු ශූරතා දිනා ගන්නා ලද එකම නායකයා වේ. එමෙන්ම ටෙස්ට් තරගාවලි රැසක්ම ජය ගත් නායකයා වන්නේද ඔහුය.


දෝනි ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත් වූයේ 2007දීය. 20 විස්ස තරග හඳුන්වා දීමට පෙර ඔහු ටෙස්ට් කණ්ඩාමේ සහ එක් දින කණ්ඩායමේ නායකත්වය දැරීය. දෝනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේ 2014දීය. 2017දී එක්දින නායකත්වයෙන්ද සමුගත්තේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වසරේ හොඳම එක්දින ක්‍රීඩකයා ලෙස දෙවරක් සම්මානයට පාත්‍ර වූ එකම ක්‍රීඩකයා දෝනිය.  දෝනි 2007දී රජිව් ගාන්ධි කෙහල් රත්න සම්මානයෙන් හා 2009දී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

 

ජනාධිපති රාම් නාද් කෝවින්ද් අතින් දෝනි සම්මානය ලබාගත් අවස්ථාව

 

2011දී ඉන්දීය හමුදාපති ජනරාල් වී. කේ. සිං දෝනි වෙත ප්‍රාදේශික හමුදාවේ ලුතිනන් කර්නල්වරයකු ලෙස ගරු පත්වීමක් ලබා දුණි. පද්ම භූෂණ සම්මානය පිළිගැනීම සඳහා දෝනි තම හමුදා නිල ඇඳුමින් සැරසී සිටියේ එහෙයිනි.


පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලද 11 වැනි ක්‍රීඩකයා දෝනිය. 1956දි සී. කේ. නායිදු ද, 1958දී එම්. කේ විසිඅනාගරම්ද, 1973දී විනෝ මන්කඩ්ද, 1980දි සුනිල් ගාවස්කාර්ද, 1983දී බාලින්දර් සිංද, 1991දී මහාචාර්ය ඩී. බී දියෝදර්, ලාලා අමරනාත් සහ කපිල් දේව්ද, 2002දී චන්දු බෝරදේද, 2013දී රාහුල් ඩ්‍රාවිඩ්ද මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ.


දෝනි සමග ඉන්දියානු බිලියඞ් ලෝක ශූර පන්කජ් අද්වානිද පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා



අදහස් (0)

මහේන්ද්‍ර සිං දෝනිට පද්ම භූෂණ සම්මානය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10923 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5251 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site