IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මව් කුසට පැමිණි හැටි යළි ඉපදී හෙළි කරති

පෙර භවයේ ප්‍රබල සාක්කි

• ඉස්පිරිතාලෙ ඇඳේ සිටියදී මම අම්මා ළඟට ආවා. 
• අම්මත් සමඟ නාන බාල්දියේ එනවිට බල්ලෝ බිරුවා 
• හාමුදුරුවරු සිටි නිසා ගේ ඇතුළට එන්න බැරි වුණා. 
• ළිඳ ළඟ නැවතී අම්මා එනතුරු බලා සිටියා.

මරණින් පසු යළි ඉපදීම දක්වා සිදුවූ​ෙය් කුමක්ද යන්න අනාවරණය වූ පුනර්භව සාධක ඉතා දුර්ලභය. ලොව පර්යේෂණවලට ලක්වූ පෙරභවය හෙළි කළ දරුවන් තුන්දහස් පන්සියයක පමණ ප්‍රමාණයකින් මව් කුසට පැමිණි අයුරු හෙළිකළ සිදුවීම් ඇත්තේ සියයකටත් වඩා අඩු ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවේද එවැනි සිදුවීම් ඇත්තේ විස්සකටත් වඩා අඩුවෙනි.  

ඇතැම් විට පෙර භවය හෙළි කළ දරුවාගේ උපතත් පෙරභවයේ පුද්ගලයාගේ මරණයත් අතර කාලය වසර ගණනාවක් බවටද පත්වී ඇත. එවැනි කාල පරිච්ඡේද අනුව ඔවුන් වෙනත් ජීවිතයක් හෝ කිසියම් බලවේගයක් ලෙස සිට ඇති බැව් හෙළිවේ. එවැනි පුනර්භව සිදුවීම්වලදී මරණ සහ උපත අතර ජීවිතය (INTERMEDIATE LIFE) ලෙස හැඳින්වේ. එවැනි සිදුවීම් පුනර්භව පර්යේෂණවලට ඇතුළත්වී ඇත්​ෙත් (MISCELLANEOUS CASES OF REINCARNATION MEMORIES) යනුවෙනි.  


ඒ යටතේ මරණින් පසු මව් කුස දක්වා පැමිණි අයුරු හෙළිකළ දරුවෝ කීප දෙනෙක් අතිශය පුදුම තොරතුරු හෙළි කළහ. ශ්‍රී ලංකාවේ දරුවන් මගින්ද මරණින් පසු යළි උපත සිදුවීම දක්වා ගමන් මඟ හෙළිවූ අවස්ථා ඇත. පෙර භවයේ ජීවිතය අවසන් වීමෙන් පසු යළි මව් කුසට එන තුරු ගත කළ ජීවිතයක් හෙළිකළ ශ්‍රී ලංකාවේ ප්‍රථම දරුවා උපත ලැබුවේ බළංගොඩ ප්‍රදේශයේ දී ය.  


මිනීමැරුමක තොරතුරු හෙළිවූ එම පුනර්භව සාධකයේ පෙර භවයේ තැනැත්තා එල්ලා මරණ ලද අයෙකු වීම විශේෂත්වයක් විය. හැටේ දශකයේදී සියුම් පර්යේෂණයකට ලක්වූ එම දරුවා​ෙග් උපත සිදුවීම ශාරීරික අඩුපාඩු සහිතව වීමද විශේෂත්වයක් විය. 1947 වසරේදී උපත ලද එම දරුවා වයස අවුරුදු තුනේදී පෙර භවය හෙළි කළේය. පෙර භවයේදී බිරියට පිහිපහර එල්ල කර මරණය සිදු කිරීම නිසා ඔහුට මරණීය දණ්ඩනය නියම වූ බැව් එම දරුවා පැවසීය. එම මිනී මැරුම සිදු කිරීම නිසා පෙර භවයේදී ඔහුට එල්ලුම් ගස නියමව මරණය සිදුවූයේ 1928 වසරේදීය.  


එහිදී පෙරභවයේ මරණයත් යළි උපත සිදුවූ දිනත් අතර කාලය වසර දහ අටක් පමණ විය. එම දරුවා පෙරභවය පිළිබඳ තොරතුරු අනාවරණය වීමද සිදුවූයේ පුදුම උපදවන අයුරිනි. යන්තම් කතා කිරීම ආරම්භ කළ ඔහු තනිවම කතා කරමින් තම අතේ සහ පපුව ප්‍රදේශයේ පැවති ආබාධිත තත්ත්වය ඇතිවීමට හේතුව ප්‍රකාශ කළේය. තම පුත්‍රයාගේ කතාවෙන් පැහැදිලි වූයේ පෙර භවයේ බිරියගේ මරණය සිදුකර ඇති බවකි. අනතුරුව එම දරුවා පෙර භවයේ පදිංචිව සිටි ගම් ප්‍රදේශය සහ ඔහු බන්ධනාගාරගතවූ අන්දමත් අනාවරණය කළේය. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේදී සිදු කරනු ලබන ක්‍රියාවලියද ඔහු නිවැරදිව ප්‍රකාශ කිරීම ද විශේෂත්වයක් විය.  
මේ පිළිබඳ පර්‌යේෂණයක යෙදුන මහාචාර්ය ස්ටීවන්සන් සහ ප්‍රැන්සිස් ස්ටෝරි යන මහත්වරුන් විසින් ඔවුන්ගේ පර්යේෂණ වාර්තාවලටද එම කතා පුවත ඇතුළත් කර තිබේ. මෙම පුනර්භව සාධකයේ උපත සහ මරණය අතර ඇති කාලයට විසඳුමක් ලෙස එම දරුවාගේ ප්‍රකාශය ප්‍රබල සාක්කියක් බවට පත්විය. මරණය සිදුවීමෙන් පසු පියාසර කිරීමේ හැකියාවත් තිබූ බැව් ඔහුගෙන් ප්‍රකාශ කෙරිණි.  


මරණින් පසු ගිනිගොඩකට වැටුණ ලෙස දැනුන බවද ඔහු කීය. අනතුරුව ගසක අත්තක් මත සිටි බවක්ද ඔහුගේ මතකයේ තිබිණි. ඒ බැව් මහාචාර්ය ස්ටීවන්ගේ වාර්තාවකද සඳහන් වන්නේ (HE HAD FLITTED THROUGH THE AIR AND PERCHED ON TREE TOPS AND INTERMEDIATED LIFE AD A BIRD) යනුවෙනි. යළි මිනිස් භවය ලැබීමට පළමු ඔහු කිසියම් පක්ෂියෙකු ලෙස සිටි බවට එය ප්‍රබල සාක්කියක් විය.   


මේ අතර පෙරභවයේ මරණය සිදුවීමෙන් පසු එක්වරම මව් කුසට පැමිණි අයුරු හෙළි කළ දරුවෝද සිටිති. ඇතැම් දරුවන් ප්‍රකාශ කළේ මව හමුවී ඇය මඟින් උපත ලැබූ බැව්ය. තවත් දරුවෙක් පියාව හමුවී පියා මඟින් පැමිණි බැව් අනාවරණය කළේය. රථ වාහනවල නැගි නිවසට පැමිණි අයුරු හෙළි කළ දරුවෝ ද සිටිති. මරණය සිදුවීමෙන් පසු විවිධ ස්ථානවල රැඳී සිට යළි ඉපදීමට මවක් හමුවන තුරු මඟ බලමින් සිටි බැව්ද ඇතැම් දරුවන්ගේ මතකයේ තිබේ. එවැනි දරුවන් කීප දෙනෙක් ද පර්යේෂණ අතර සිටිති.  


පෙර භවයේ මරණින් පසු යළි උපත ලැබිමට මව් කුසක් තුළට එන තුරු ගසක අත්තක රැඳී සිටි බවක් හෙළි කළ දරුවෙක් බුරුමයේදී උපත ලැබීය. බොන්කච් නම් එම දරුවා පෙර භවය ගැන හෙළි කරමින් කියා සිටියේ ඔහු රැඳී සිටියේ උණ පඳුරක් මත බවය. පෙර භවය හෙළි කළ ඇතැම් දරුවන්ට තම මළ සිරුර ගෙන ගිය ගමන් මාර්ගයත් ඒ වන විට ඔවුන් රැඳී සිටි ස්ථානයත් මතකයෙන් හෙළි කිරීමට හැකියාව තිබිණි.  


බදුල්ල ප්‍රදේශයේදී උපත ලද දරුවෙක් පිළිබඳව මීට වසර ගණනකට උඩදී පර්යේෂණයක් පැවැත්වීමට අවස්ථාව ලැබිණි. ඒ වන විට තෙහැවිරිදි වියේ පසුවූ එම දරුවා පෙරභවය අනාවරණය කරමින් ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් මරණය සිදුවූ බැව් කියා සිටියේය. එදා අප එම දරුවාගෙන් ඒ පිළිබඳව විමසූ විට ඔහුට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඔහු දුන් පිළිතුරුත් ඒ අයුරින්ම මෙසේය.  


ප්‍රශ්නය - ඔයා ඉස්සර ආත්මයේදී මොකද වුණේ?  
පිළිතුර - ට්‍රැක්ටරය පෙරළුණා.  
ප්‍රශ්නය - කොහේදීද?   
පිළිතුර - වැලිමඩදී  
ප්‍රශ්නය - කොහේ යන විටදීද?
පිළිතුර - මතක නෑ. 
ප්‍රශ්නය - ට්‍රැක්ටරයෙ මොනවද තිබුණෙ?  
පිළිතුර - අල
ප්‍රශ්නය - ට්‍රැක්ටරය එළෙව්වෙ කව්ද?
පිළිතුර - මම
ප්‍රශ්නය - ට්‍රැක්ටරය කාගේද? 
පිළිතුර - අපේ
ප්‍රශ්නය - ඔයාට තුවාල වුණාද? 
පිළිතුර - මැරුණා
ප්‍රශ්නය - ඊට පස්සේ මොකද වුණේ? 
පිළිතුර - මගේ මිනිය පෙරහරේ අරගෙන ගියා
ප්‍රශ්නය - පෙරහරේ අරන් ගියේ කොහොමද? 
පිළිතුර - බෙර ගගහ පෙට්ටියක දාගෙන
ප්‍රශ්නය - ඔයා එතකොට කොහේද හිටියෙ?
පිළිතුර - සොල්දරේ උඩ
ප්‍රශ්නය - සොල්දරේට ආවේ කොහොමද? 
පිළිතුර - ඉස්පිරිතාලෙ ඉඳල
ප්‍රශ්නය - ආවේ කා එක්කද?
පිළිතුර - තනියම
ප්‍රශ්නය - උඩ තට්ටුවෙ සිටිද්දී ඔයා මොකද ක​ෙළ්? 
පිළිතුර - මිනිය දිහා බලා හිටියා
ප්‍රශ්නය - ඔයාව අරන් ගියේ කොහේටද? 
පිළිතුර - සොහොනට
ප්‍රශ්නය - එතන කව්ද හිටියෙ 
පිළිතුර - මතක නෑ
ප්‍රශ්නය - එතන සිටියදී මොකද කළේ? 
පිළිතුර - ඇවිද්දා
ප්‍රශ්නය - ඊට පස්සෙ මොකද වුණේ? 
පිළිතුර - මේ අම්ම ළඟට ආවා
ප්‍රශ්නය - අම්මා කොහේද හිටියෙ? 
පිළිතුර - ගෙදර


මේ අයුරින් පෙරභව තොරතුරු හෙළිකළ දරුවාගේ ප්‍රකාශ තුළ තිබූ ප්‍රබලතම සාක්කිය බවට පත්වූයේ ඔහු ඒ වන විට කිසිදු අවමංගල උත්සවයක් නොදැක තිබීමය. තම දරුවා මළ සිරුරක් පෙට්ටියක බහා තැබූ දර්ශනයක් ඔහු නොදැක සිටියදී මළ සිරුර පෙට්ටියක දමා තිබූ අයුරු ඔහු හෙළි කළ බැව්ද දෙමාපියෝ පැවසූහ. 


බුරුමයේ පුනර්භව සිදුවීමක් හෙළි කළ දරුවෙකුගේ ප්‍රකාශයක් මගින්ද මරණය සිදුවීමෙන් පසු මව වෙත පැමිණි අයුරු අනාවරණය වීය. පුනර්භව පර්යේෂකයෙකු වූ ප්‍රැන්සිස් ස්ටෝරි විසින් සිදුකළ එම පර්යේෂණයේදී දරුවාගේ පෙරභව තොරතුරු සිහිවීම සිදුවී ඇත්තේ ද පුදුමාකාර අයුරිනි. වයස අවුරුදු හයක්ව සිටි සම්රුන් නම් එම දරුවාට දිනක් මව නිවස පිරිසිදු කරන ලෙස පැවසුවාය. ඉන් කෝපයට පත්වූ ඇය, 


“මට මගේ ගෙදර යන්න ඕනෑ. ඒ අම්ම නම් කවදාවත් මට වැඩ කියන්නේ නෑ.” යැයි කීවාය. මවිතයට පත්වූ මව “ඒ අම්මා කොහේද ඉන්නේ”යි විමසීමක් කළාය. එමගින් පෙරභව මතකය අවදිවූ දැරිය ඇය සිටි ගම් ප්‍රදේශය හෙළි කළාය. එහෙත් දෙමාපියෝ ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළහ. මාස කීපයක් ගතවිණි. දිනක් දොඩම් වෙළෙඳාමේ නියුතු කාන්තාවක් නිවසට පැමිණියාය. 


ඇය දොඩම් රැගෙන පැමිණි ගම් ප්‍රදේශය හෙළි කරමින් ඒවා අලෙවි කිරීම සඳහා නිවැසියන් සමඟ කතා කළාය. එම ගම් ප්‍රදේශය ශ්‍රවණය වූ විගස අසල සිටි දැරිය ඉදිරිපත් වූවාය. වෙළෙඳාමේ යෙදී සිටි කාන්තාව වෙත පැමිණ ඇයව එම ගම් ප්‍රදේශයට රැගෙන යන ලෙස ඉල්ලා සිටියාය. එම කාන්තාව මඟින් දැරියගේ පෙරභව නිවස සොයා ගැනීමට අවස්ථාව ලැබිණි. පෙරභවය සනාථවීමෙන් පසු දියණිය ඇමතූ මව, 
‘එහෙම ඉඳල මෙහෙ ආවේ කොහොමද? යයි ප්‍රශ්න කළාය. එයට පිළිතුරු දුන් දැරිය මම ආවේ අම්මාත් එක්ක බස් එකෙන්. ඔයාගෙ ඇඳුමේ එල්ලිලා’ යයි පිළිතුරු දෙනු ලැබුවේ මව මවිතයට පත්කරමිනි. එම දැරියගේ ප්‍රකාශය පර්යේෂණ වාර්තාවකට ඇතුළත් කර ඇත්තේ, 


" YOU DON'T KNOW ANYTHING ABOUT IT OF COURSE I CAME WITH YOU. YOU TOOK THE BUS I HUNG ONTO YOUR CLOTH" යනුවෙනි. 


හලාවත ප්‍රදේශයේදී උපත ලද දැරියක් ද පෙර භවයේ මරණින් පසු දැන් මව වෙත පැමිණි අයුරු හෙළිකළාය. ඇය පැවසුවේ පෙරභවයේදී සිය ජීවිතය අවසන් වූයේ කතරගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් නිසා බවය. ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී පෙරභව නිවෙස් සහ ඥාතීන්ද සොයා ගැනීමට ඇයට හැකිවිය. 


යළි ඉපදීම සඳහා මව හමුවීම සිදුවූයේ කතරගමදී බැව් මෙම දැරිය ප්‍රකාශ කළාය. ඇගේ ප්‍රකාශය පිළිබඳව දෙමාපියෝ දැඩි විමර්ශනයක යෙදුණද එහිදී සනාථ වූ සිදුවීමක් ද අතිශයෙන් වැදගත් විය. පෙරභවය හෙළි කළ දැරියගේ උපත සිදුවීමට ප්‍රථම මව කතරගම ගියාය. එහිදී ආහාර ගැනීමට සැමියා සමඟ වෙළෙඳසලකට ගියාය. එම වෙළෙඳ සැලේ ටික වේලාවක් නතරවී සිටි බැව් ඇයගේ මතකයේ තිබිණි. දියණිය විසින් හෙළි කළ පෙරභවයේ මියගිය දැරියගේ දෙමාපියන් වූයේ එම වෙළෙඳසල හිමිව සිටි යුවළය. මියගිය දැරිය සිටියේද එම වෙළෙඳසල පිහිටි නිවසේය. ඇගේ ජීවිත තොරතුරු නිවැරදිව සනාථ කිරීමට එදා මෙම පුනර්භව සාධකයේදී අවස්ථාව ලැබිණ. 


යළි ඉපදීමට මව හමුවුණේ කෙසේදැයි එදා ඇගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ ‘කතරගමදී’ යනුවෙනි. අැගේ එම අනාවරණය කිරීම අතිශය පුදුම උපදවන්නක් බැව් දෙමාපියෝ පැවසූහ. 

 

 

යළි ඉපදීම සඳහා මව වෙත පැමිණි අයුරු ඉතා හොඳ මතකයකින් හෙළි කළ දරුවෙක් තායිලන්තයේ සිදුකළ පර්යේෂණයකදී හමුවී ඇත. කිච් නම් එම දරුවා විසින් හෙළිකරනු ලැබුවේ වයස අවුරුදු විස්සක් වූ තරුණයකු​ෙග් ජීවිත තොරතුරුය. එම තරුණයා​ෙග් මරණයට හේතු වූයේ කොළරාව රෝගය වැලඳීමය. තම මරණය සිදුවීමෙන් පසු නිවෙස් තුළ සිටීමට උත්සාහ ගත් බවත් එහෙත් නිවසේ පැවති දානමය පින්කමක් සිදු කිරීමට භික්ෂුන් වහන්සේ පැමිණීම නිසා නිවසින් පිටතට පැමිණි බවත් කීය. අනතුරුව තම මව නිවසින් පිටතට එන තුරු බලාසිටි බැව්ද එම දරුවා හෙළිකළේය. බොහෝ වේලාවක් ගෙමිදුලේ රැඳී සිටියදී බාල්දියක් රැගෙන කාන්තාවක් යනු දුටු විගස එම බාල්දිය තුළට පැනගත් බැව්ද පැවසීය. 


අනතුරුව එම කාන්තාව සමඟ ගමන් කරන විටදී සුනඛයින් රැසක් අැයට බිරීම නිසා ඔහු බියපත්වී බාල්දියෙන් ඉවතට පැන පාලමක් වැනි ස්ථානයක රැඳී සිට තිබේ. එම පාලම යට තිබූ ජලයෙන් කාන්තාව ස්නානය කරන තුරු ඔහු පාලම උඩ රැඳී සිට ඇය සමඟ පැමිණි බැව් කීය. පැමිණි අයුරු එම දරුවා හෙළි කරනු ලැබුවේ ඇගේ ගෙලේ එල්ලී බවය. ඊට පසු ඔහු මෙලොවට බිහිවීමට මව බවට පත්වූයේ එම කාන්තාව බැව් එම දරුවා අනාවරණය කළේය. 


මෙම පුනර්භව පර්යේෂණයේ දී පෙරභවය හෙළි කළ දරුවාගේ මවගෙන් විමසීමේදී අනාවරණය වූ ඇගේ මතකයද ප්‍රබල සාක්කියක් බවට පත්වී තිබේ. එනම් දරු පිළිසිඳ ගැනීමට සති ගණනකට පෙර ඇය ස්නානය සඳහා එම ජලාශය වෙත ගිය දිනක දී සුනඛයින් පිරිසක් බාල්දිය දෙසට බිරීම සිදුවීමය. එය ඇයට අමතක නොවන සිදුවීමක් ලෙස දරුවා​ෙග් මව විසින්ද ප්‍රකාශ කරනු ලැබුවාය. 


පෙර භවය හෙළි කළ තවත් දරුවෙක් කොළඹදී උපත ලැබීය. සුනාමි ව්‍යසනයෙන් මරණයට පත්වූ බැව් එම දරුවා ප්‍රකාශ කළේ වයස අවුරුදු දෙකහමාරේ සිටය. එම දරුවා මඟින්ද යළි ඉපදීම සඳහා මව වෙත පැමිණි අයුරු ප්‍රකාශ කෙරිණි. 


‘අම්මා ළඟට ආවේ කොහොමද? යයි එදා එම දරුවාගෙන් විමසූ විට ​ඔහු චිත්‍රයක් ඇඳ පෙන්වීය. එම චිත්‍රයේ සටහන් වූයේ ඇඳක් මත සිටින රූපයක් අසලට තවත් කුඩා රූපයක් ඇති අයුරු නිරූපණය වීමය. මෙම පුනර්භව පර්යේෂණයේදී දෙමාපියන්ද මවිතයට පත් කරමින් ‘මම අම්මා ළඟට ආවේ මෙහෙමයි’ යනුවෙන් එම දරුවා ප්‍රකාශ ක​ෙළ්ය. මෙවැනි පුනර්භව සාධක අනුව යළි ඉපදීමක් සිදුවන විටදී මව වෙත පැමිණීම ඇතැම් දරුවන්ගේ මතකයේ තිබූ බැව් දක්නට ලැබිණි.

 

 

 

 

තිස්ස ජයවර්ධන



අදහස් (0)

මව් කුසට පැමිණි හැටි යළි ඉපදී හෙළි කරති

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5254 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site