IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාරක රිය අනතුරු හෙළි කළ යළි උපන් දරුවෝ

පෙර භවයේ ප්‍රබල සාක්කි

 

රිය අනතුරු නිසා සිදු වෙන මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යන බැව් දිනපතා අසන්නට ලැබේ. රියදුන්ගේ වැරදි නිසා මෙම අනතුරු සිදු වෙන බැව් පොලිස් වාර්තාවලින් හෙළි වේ. බොහෝවිට රියදුරන්ට නින්ද යෑම නිසා අනතුරු බහුලව සිදු වෙන බැව් ද පොලිස් නිවේදනවලින් කියැවේ. දිනක සිදුවෙන රිය අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවත් මේ වසර තුළ පමණක් අනතුරු දෙදහසක් පමණ සිදු වී ඇති බවත් වාර්තා වී තිබේ.
   
​ෙපර භවය හෙළි කළ දරුවන් මගින්ද වැඩි වශයෙන් අනාවරණය වී ඇත්තේ රිය අනතුරු බැව් පුනර්භව පර් යේෂණවලින් ද දක්නට ලැබේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක සිදු කර ඇති පුනර්භව පර් යේෂණවලින් සියයට අසූවක් පමණ පෙර භවයේ මරණයට හේතු වී ඇත්තේ රිය අනතුරු වීම විශේෂත්වයකි. රිය අනතුරු අනාවරණය වූ රටවල් අතර වැඩි අනතුරු සංඛ්‍යාවක් පුනර්භවය සාධක අතර එක් වී ඇත්තේ ඉන්දියාවෙනි. බුරුමය සහ ලෙබනනයේ දරුවන් රැසක් ද පෙර භව මරණයට හේතුව රිය අනතුරු බැව් ප්‍රකාශ කළහ. මෙම පර් යේෂණවල දී මරණයට හේතුව රිය අනතුර (Vehicle Accident) යනුවෙන් හඳුන්වා ඇති සිදුවීම් අනාවරණය කළ ඇතැම් දරුවන් ගේ සිරුරුවල අනතුරු සිදු වූ සිරුරේ ස්ථානවල උපතින්ම වැරදි පිහිටීම් ද දක්නට ලැබේ.   


රිය අනතුරුවලින් මරණය සිදු වූ බැව් හෙළි කළ දරුවන් පිළිබඳව සිදු කළ පුනර්භව පර් යේෂණවල දී වෛද්‍ය වාර්තා සහ මරණ පරික්ෂණ වාර්තා ද අධ්‍යයනය කළ අවස්ථා රැසක් ඇත. ඒ අනුව ඇතැම් දරුවන්ගේ සිරුරවල දක්නට ලැබුණු ලප, කැළල් සහ ආබාධිත තත්ත්වයන් පෙර භවයේ අනතුර හා සම්බන්ධ බැව් ද දක්නට ඇත. මේ පිළිබඳව වර්ජීනියා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා පර් යේෂණ අංශය මගින් සිදුකළ වර්ගීකරණයන් අනුව පෙර භවයේ මරණ සිදුවී ඇති අන්දම සමීක්‍ෂණය කරනු ලැබීය. පෙර භවය අනතුරුවලින් සිදු වූ බැව් හෙළි වූ දරුවන්ගේ උපන් ලප සහ සිරුරේ ආබාධිත තත්ත්වයන් පිළිබඳව සිදු කළ විමර්ශනයේ දී මෙම කරුණු අනාවරණය වී තිබේ. මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදු කරන ලද එම පර් යේෂණ පෙර භවයේ උපන් ලප (Birthmarks Related To Previous Li​fes) යනුවෙන් හඳුන්වනු ලබති.   


ඒ අනුව පෙර භවය හෙළි කළ දරුවන් මගින් අනාවරණය වූ අනතුරු වෛද්‍ය වාර්තා මගින් ද තහවුරු කර ඇත. වෛද්‍ය වාර්තා අනුව පෙර භවයේ රිය අනතුරු නිසා පුද්ගලයන්ට සිදු වූ ශාරීරික තුවාල යළි උපන් දරුවන්ගේ සිරුරවල සලකුණුවලට සමාන බැව් ද තහවුරු වී ඇත. එවැනි පුනර්භව වෛද්‍ය වාර්තා මගින් සනාථ කළ තුවාල කැළල් සහ පෙර භවයේ උපන් ලප සැසඳීම (Birthmarks Corresponding To Wounds Verified BY Medical Records) යටතේ තොරතුරු පර්යේෂණ වාර්තාවලට ද ඇතුළත් කර තිබේ.   


​ ෙපර භවයේ සිදු වූ අනතුරකින් මරණයට පත් වූ බැව් හෙළි කළ ශ්‍රී ලංකාවේ දරුවෙක් 1978 වසරේ දී උපත ලැබීය. තුසිත නම් එම දරුවා ප්‍රකාශ කළේ කඩුවෙල ප්‍රදේශයේ දී ලොරි රථයකට යටවීම නිසා මරණයට පත් වූ රාජා නම් දරුවෙකුගේ ජීවිත තොරතුරුය. මහා මාර්ගය අසල පිහිටා තිබූ එම නිවසේ ආලින්දයේ සිටි එම දරුවා නිවස තුළට ධාවනය වූ ලොරි රථයකට යට වී මිය ගියේ අතිශය කණගාටුදායක ලෙසය. එම අනතුර සිදු වූයේ 1977 ජුනි මාසයේදීය.   


පෙර භවයේ මරණය සිදු වී හරියටම මාස අටකට පසුව පෙර භවය හෙළි කළ දරුවා උපත ලැබීය. බහ තෝරන වියට පත් වීමෙන් පසු ඔහු සිය පෙර භව තොරතුරු ප්‍රථම වරට අනාවරණය කරනු ලැබුවේ ඔහුගේ සොහොයුරියක් සමගය. සොහොයුරිය තම මල්ලීට සැරෙන් කතා කළ අවස්ථාවක දී ඔහු ප්‍රකාශ කළේ පෙර නිවසේ සිට පැමිණි බවත් නැවත එහි යන බවත්ය.   


අනතුරුව පෙර භව ජීවිත මතක සටහන අනාවරණය කරමින් කළ ප්‍රකාශ පිළිබඳව පර් යේෂණයක් පැවැත්වීමට හැකි විය. පෙර නිවසේ සිටි සොයුරු සොයුරියන් ගැනත් නිවසට යන ගමන් මාර්ගයත් නිවැරදිව ඔහු ප්‍රකාශ කළේය. ඔයාට එහෙදී මොකද වුණේ? යයි එදා එම දරුවාගෙන් විමසූ විටදී,   


එහෙදි මාව ලොරියට යට වුණා යැයි නිවැරදිව එම දරුවා අනාවරණය කළේය. පෙර භවයේ දී පාසල් ශිෂ්‍යයෙකුව සිටි බව ද හෙළි කළ එම දරුවා නිවසේ තිබූ භාණ්ඩ ගැන ද ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ. මෙම දරුවා පිළිබඳව සිදු කළ විමර්ශනයේ දී ඔහුට පෙර භව නිවසට යාමට ද අවස්ථාව ලැබිණි. නිවසට ගිය දරුවා පෙර ඥාතීන් කීපදෙනෙක් සහ නිවසේ තිබූ භාණ්ඩ කීපයකුත් නිවැරදිව හඳුනා ගත්තේය.   


පෙර භව ඥාතීන් හඳුනා ගැනීමෙන් පසු මරණය සිදු වී ඇති අයුරු ඥාතීහු පැහැදිලි කළහ. ලොරි රථය නිවස දෙසට ධාවනය වෙන විට මිය ගිය දරුවා ආලින්දයේ රැඳී සිටියේය. නිවසට කඩා වැඳුණු ලොරි රථයේ රෝදයකට ඔහු යට වී තිබිණි. මෙම පුනර්භව පර් යේෂණයේ දී මියගිය දරුවාගේ සොහොයුරියක් දුටු සිහිනයක් පිළිබඳව ද අනාවරණය විය. එනම් ඇය නගරයට ගිය විට දී මිය ගිය මල්ලි හමු වී ඇය සමග නිවසට එන අයුරු ඇය සිහිනෙන් දැක තිබීමය.   


පෙර භවයේ දී කාරයක හැපීම නිසා මරණය සිදු වූ බැව් හෙළි කළ දැරියක් ද මීට වසර ගණනකට උඩ දී මාදම්පේ දී උපත ලැබීය. ඇය පැවසුවේ කතරගම මාර්ගයක දී පාර හරහා ගමන් කිරීමේ දී මෝටර් රථයක ගැටුන බවය. ඒ වන විට කුඩා දැරියක් ලෙස සිටි බැව් ද ඇයට මතක තිබිණි.   


එදා මම ගෙදර පැත්තේ ඉඳලා පාර හරහා ගියා. එතකොට මාව කාර් එකේ හැපුණා යි ඇය අනාවරණ්‍ය කළේ වයස අවුරුදු තු​නේදීය. පෙරභවයේ දෙමාපියන් සහ ඥාතීන් කීප දෙනෙක් පිළිබඳව ද ඇයට මතක තිබිණි. මෙම දැරියගේ පෙර භව ජීවිතය විමර්ශනය කිරීමේදී ඇය හෙළි කළ පරිදි පෙර භවයේ දී ජීවිතය අවසන් වී ඇත්තේ කාරයක හැපීම නිසා බැව් සනාථ විය.   


අධිවේගී මාර්ගයක දී පෙර භවයේ රිය අනතුරක් සිහි වූ දරුවෙක් තුර්කියේ දී උපත ලැබීය. එම දරුවා පෙර භවය හෙළි කිරීමේ සිදු වීම පිළිබඳව දරුවාගේ මව පුදුමයට පත් වූවාය. සේලන් නමැති එම දරුවා ඒ වෙන විට වයස අවුරුදු දෙකහමාරක පසු විය. ඔහු උපත ලැබුවේ 1963 පෙබරවාරි මාසයේදීය.   


දිනක් මව සමග අධිවේගී මාර්ගයක පාලමක් මතින් ගමන් කරමින් සිටි දරුවා එක් වරම මහ හඬින් හඬන්නට විය. ඒ පිළිබඳව මව විමසූ විට ඔහු කියා සිටියේ එම අධිවේගී මාර්ගයේ මෝටර් රථය පදවා ගෙන යන විට දී ඔහු මරණයට පත් වූ බවය. එම අනතුර සිදු වූ අන්දම ද ඔහුගේ මතකයට නැගී තිබිණි. අධිවේගී මාර්ගයේ කෙටි තාප්පයක් පෙන් වූ ඔහු තම මෝටර් රථය එම කෙටි තාප්පයේ වැදීම නිසා එදා සිදු වූ මාරක අනතුරෙන් රථයේ සිටි අනෙක් අය ද දරුණු ලෙස තුවාල ලැබූ බැව් ප්‍රකාශ කළේය.   


එතැන් සිට වරින් වර තම පෙර භව තොරතුරු හෙළි කළ දරුවා ඔහුට බිරියක් සිටි බවත් දරුවන් බැලීමට යාමට අවශ්‍ය බවත් පෙර සිටි නිවෙස සහ එම ප්‍ර​දේශය ද හඳුන්වන නම් හෙළි කරමින් කියා සිටියේය. දරුවා ඉපදීමට සුළු කලකට උඩ දී එම ස්ථානයේ සිදු වූ රිය අනතුරක් මව දැන සිටිය ද එහිදී මිය ගිය පුද්ගලයෙක් පිළිබඳව නොදැන සිටියාය. තම පුත්‍රයා එම අනතුර පිළිබඳ හෙළි කරන බැව් ඇයට වැටහුණු නමුත් ඇය ඒ ගැන එතරම් අවධානයක් යොමු නොකළාය.   


මාස කීපයක් ගත විණි. දරුවාගේ පෙර භව ප්‍රකාශ වැඩි වෙන්නට විය. ඔහු තම පෙර භවයේ නම ද හෙළි කළේය. වරින් වර ඔහු හෙළි කරන තොරතුරු ප්‍රදේශයේ ද පතළ විය. අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් මිය ගිය අබ්දුල් නම් අයෙකුගේ බිරියට ද එම කතාව අසන්නට ලැබිණි. ඒ අනුව ඇය පෙර භවය හෙළි කළ දරුවා සොයා පැමිණියාය. එහිදී බිරිය සමග පැමිණි ඥාතීන් කීප දෙනෙකු හඳුනා ගැනීමට ද එම දරුවාට එදා හැකි විය. අබ්දුල් මරණයට පත් වූ අනතුර සිදුව තිබුණේ රාත්‍රී කාලයක දී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක අධි විදුලි ආලෝකයක් නිසා බැව් ද මේ පිළිබඳව සිදුකළ පර් යේෂණයේ දී හෙළිවිය. පෙර භවයේ මරණය සිදුව ඇත්තේ දරුවා ඉපදීමට මාස තුනකට පමණ උඩදීය. මෙම පුනර්භව පර්යේෂණය සිදු කළ මහාචාර්ය ස්ටීවන්සන් ඔහුගේ පර්යේෂණ ග්‍රන්ථයකට ද එය ඇතුළත් කළේය.  


රිය අනතුරක් නිසා මරණයට පත්වූ තරුණයෙකු ඔහුගේ පෙම්වතිය ලෙස සිටි කාන්තාවකගේ කුසයෙන් යළි ඉපදීමේ සිදුවීමක් වසර ගණනකට උඩදී ඇමරිකාවෙන් හෙළිවිය. වෝල්ටර් නම් දහ අට හැවිරිදි තරුණයෙක් දැන හඳුනගෙන සිටි තරුණියක හා පෙම් සබඳතාවක් පවත්වාගෙන ගියේය. ඔවුන්ගේ පෙම් පුවත පවුල් දෙකේම දෙමාපියන්ට ද රහසක් නොවීය. විවාහ ගිවිස ගැනීමට දෙමාපිය ආශිර්වාදය ද ලැබ සිටි ඔවුන්ට විවාහයට කිසිදු බාධාවක් නොතිබිණි. ඉක්මනින් විවාහ වීමට මෙම පෙම්වතුන් තීරණය කර සිටියහ.  


පෙම්වතා විනෝදකාමී පුද්ගලයෙක් විය. නිතර නිතර මිතුරන්ගේ ප්‍රීති උත්සවවලට යන ඔහු බොහෝ විට තම පෙම්වතිය ද ඒවාට රැගෙන යාම ද සිරිත විය. ඇතැම්විට එවැනි ප්‍රීති උත්සවවලදී ඔහු මත්පැන් පානයට ද හුරුවී සිටියේය. මත්පැන් පානය නොකරන ලෙස පෙම්වතිය ඔහුට අවවාද කිරීමද සිරිතය. ඇතැම් විට පෙම්වතිය නොමැතිව යන විටදී මිතුරෙකු සමග ඔහු ප්‍රීති උත්සවවලට සහභාගි වන්නේය.  

 

 

එදා 1967 මාර්තු 7 වැනිදාය. තම පෙම්වතිය සමග විවාහ වීමට තිබුණේ සති කීපයකි. එදිනද ඔහු මිතුරෙකු සමග තවත් මිතුරෙකුගේ ප්‍රීති උත්සවයකට සහභාගිවීමට ගියේය. මධ්‍යම රාත්‍රිය දක්වා විනෝද වූ ඔවුන් මත්පැන් ද පානය කර තිබිණි. සිය පෙම්වතිය හමුවීමට යාමට ද තීරණය කළ පෙම්වතා සිය මිතුරා ද සමගින් මෝටර් රථයෙන් පිටත් විය. එහෙත් ඔවුන්ට යාමට හැකිවූයේ කෙටිදුරකි. දැඩි නිදිමත බවකින් සිටි ඔහුට සුක්කානම මතදී නින්ද ගියේය. පදවාගෙන ගිය රථය පාරෙන් ඉවතට විසිවී ගොස් ඔහුගේ ගෙලට ද දැඩි හානි සිදුවී එයින් මරණයට පත්විය. එහෙත් රථයේ සිටි මිතුරාගේ ජීවිතය බේරුණේය.  


සිය පෙම්වතාගේ හදිසි වියෝවීම නිසා පෙම්වතිය දැඩි කම්පාවට පත්ව සිටියාය. කාලය ගෙවී ගියේය. පෙම්වතිය වෙනත් තරුණයකු සමග විවාහ ජීවිතයට ඇතුළත් වූවාය. විවාහයෙන් පසු ඔවුන්ට දියණියක් ලැබිණ. දෙවසරක් පමණ ගතවිය. දිනක් එම මව සිහිනයක් දුටුවාය. ඇය දුටුවේ මිය ගිය පෙම්වතා ඇය වෙත පැමිණ ඇය අමතන අයුරුය. මම ආයෙත් එනවා යයි එම ප්‍රකාශය විය. නැවත ඉපදීමක් පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැතිව සිටි මවට නැවතත් දරුවෙකු පිළිසිඳ ගැනීමක් සිදුවිය. ඇය එවර බිහි කළේ පිරිමි දරුවෙකි. එම දරුවා බහ තෝරන වියට පත්වී මව සමග සිය පෙර භවය අනාවරණය කළේය.  


මිතුරෙකු සමග මෝටර් රථයකින් යන විට දී සිදුවූ රිය අනතුර ඔහු අනාවරණය කළේය. රථයේ සිටි මිතුරාගේ නමත් අනතුර සිදුවූ ස්ථානයත් ඔහු නිවැරදිව අනාවරණය කළේය. දරුවාගේ හැසිරීම් රටාවත් මියගිය පෙම්වතාගේ හැසිරීම් රටාවත් අතර දැඩි සබඳතාවක් පවතින බැව් ද මවට දක්නට ලැබිණි. මිය ගිය පෙම්වතා ඇගේ කුස තුළින් යළි උපත ලබා ඇතැයි පිළිගැනීමට ඇයට සිදුවිය. මෙම පුනර්භව සාධකය ද මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද (CHILDREN WHO REMEMBER PREVIOUS LIVES) නම් පර් යේෂණ වාර්තාවකට ඇතුළත් කර තිබේ.  


එක්දහස් නමසිය හැත්තෑ හයේදී උපත ලද දරුවෙක් ද රිය අනතුරකින් මරණයට පත්වූ බැව් ප්‍රකාශ කළේය. කුමාර නම් එම දරුවා ප්‍රකාශ කළේ ඔහු පදවාගෙන ගිය ට්‍රැක්ටර් රථය අනතුරකට පත්ව මරණය සිදුවූ බවකි. මෙම දරුවාගේ දෙමාපියන් හෙළි කළ පරිදි ඔහු පෙර භවය පිළිබඳ කරුණු අනාවරණ කර ඇත්තේ වයස අවුරුදු තුනේ පමණ සිටය.  


ඔහුට වෙනත් මවක් සිටින බැව් පෙර භවය පිළිබඳව කරුණු අනාවරණය කළ ඔහුගේ ප්‍රථම වදන වී තිබිණි. ඔවුන් දෙමහල් නිවසක පදිංචිව සිටි බවත් එළවළු රැගෙන ට්‍රැක්ටරයේ ගිය බවත් ඔහු හෙළි කළේය. පෙර භවයේ දී සිටි ගම් ප්‍රදේශය වැලිමඩ ලෙස පැවසූ බැව් ද මව අප සමග හෙළි කළාය.  


ට්‍රැක්ටර් රථය අනතුරට පත්වීම සිදුවූ අවස්ථාවේ ඔහුගේ පපුව ප්‍රදේශය දරුණු ලෙස තුවාල සිදුවීම නිසා ඔහු රෝහල්ගත කළ බවත් එහිදී මරණය සිදුවූ බවත් ඔහුට මතක තිබිණි.  


මෙම දරුවාගේ පුනර්භව පර් යේෂණයේ දී ඔහු හෙළි කළ අතිශය පුදුම කරුණක් ද වැදගත් ප්‍රකාශයක් විය. එනම් මරණය සිදුවීමෙන් පසු ඔහු බස් රථයක නැගී දැන් නිවසට පැමිණි බවකි. එහි පැමිණ සිටිය දී ඔහුගේ මළ සිරුර ගෙන යෑම සඳහා සූදානම් කරන විටදී බෙර හඬ ද ඔහුට ශ්‍රවණය වූ බව එම දරුවා ප්‍රකාශ කළේය.  


පෙර භවයේ දී වෑන් රථයක ගැටීමෙන් මරණය සිදුවූ බැව් හෙළි කළ දර්ශන නම් දරුවෙක් ද මීට වසර ගණනකට උඩ දී කොළඹ දී උපත ලැබීය. එම දරුවා ප්‍රකාශ කළේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී රිය අනතුරකින් මිය ගිය පාසල් දරුවෙකුගේ ජීවන තොරතුරුය. පෙර භවයේ සිය මිත්තනියට ආහාර රැගෙන බයිසිකලයකින් යමින් සිටිය දී ඔහු මරණයට පත්වූයේ වෑන් රථයක ගැටීමෙනි. පැදගිය බයිසිකලය පෙරළී පාරේ සිටියදී වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් ඔහු යටකර යාම නිසා මරණය සිදුවූ බැව් සනාථ විය. මෙම දරුවා පෙරභව තොරතුරු හෙළි කිරීම ආරම්භ කරනු ලැබුවේ ද වයස අවුරුදු දෙකහමාරේ පමණ සිටය.  


ට්‍රැක්ටරයක් පිළිබඳව අනාවරණය කරමින් පෙර භවයේ සිදුවූ අනතුරක් හෙළි කළ තවත් දරුවෙක් උපත ලැබුවේ 1979 වසරේදීය. කුරුණෑගල රෝහලේ දී උපත ලද උපුල් නම් එම දරුවා ප්‍රකාශ කළේ පෙර භවයේ දී අනුරාධපුරයේ ජීවත්ව සිටි බවය. කුඩා කලදී මව විසින් ඔහුට ගෙන දුන් සෙල්ලම් ට්‍රැක්ටරයකට අධික බියක් දක්වන බැව් මවට දක්නට ලැබිණි. ඒ පිළිබඳව විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ අනුරාධපුර සිටියදී ට්‍රැක්ටර් අනතුරක් සිදුවූ බවය.  


අනුරාධපුරයේ සිටිය දී විවාහක පුද්ගලයෙකු බව ද පැවසූ එම දරුවා අනාවරණය කළ පෙර භවයේ ඥාතීන් හමුවීමට ද එම දරුවාට හැකියාව ලැබිණි. පෙර භවයේ බිරිය හඳුනා ගැනීම ද මෙම දරුවාගේ පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් විය. පෙර භවයේ දී මරණයට පත්වූයේ 1966 වසරේ දී බැව් ඒ පිළිබඳව සිදුකළ පර් යේෂණයේ දී අනාවරණය විය. 

 

 

 

 
තිස්ස ජයවර්ධන



අදහස් (0)

මාරක රිය අනතුරු හෙළි කළ යළි උපන් දරුවෝ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5251 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 339 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1725 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site