IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


​පෙරභවයේ ගුවන් අනතුර හෙළි කළ දරුවෙක්

පෙරභවයේ ප්‍රබල සාක්කි

අනතුරට පත්වූ ගුවන්යානය

 

 

ව්‍යාපාරික පවුලකින් පැවත ආ තරුණයෙකු වූ අහමඩ් එතරම් දුරට අධ්‍යාපනය ලැබීමට උනන්දු නොවීය. ඔහුට අවශ්‍ය වූයේද ව්‍යාපාරිකයෙකු වීමටය. උපතින්ම ව්‍යාපාරවලට හපනෙකු වූ ඔහු වයස අවුරුදු තිහක් පමණ වන විට බේකරි කර්මාන්තකරුවෙකු බවට පත්වී සිටියේය. අනතුරුව ඔහුගේ සිත ඇදී ගියේ රාත්‍රී සමාජශාලාවක් වෙතය. ඒ අනුව ඉතා සුළු කලකින් ඔහු රාත්‍රී සමාජ ශාලාවක් ආරම්භ කළේය.  


වසර කීපයක් ගතවන විට එය වැඩි දියුණු කර ගැනීම ඔහුගේ එකම අරමුණ විය. තම ශක්තියම එයට යෙදවූ ඔහු රාත්‍රී සමාජශාලාව සඳහා විදේශවලින්ද ගායක ගායිකාවන් කැඳවනු ලැබීය. ඒ සඳහා විදේශවලටද යන ඔහු එම රටවලින් ගායිකාවන්ද ඇතැම් විට රැගෙන ආවේය. 1962 වසරේදී ඔහු තම සමාජ ශාලාවේ ගීත ගායනය සඳහා විදේශ තරුණියක කැඳවාගෙන ඒමට තීරණය කළේය.  


එවර ඔහු ගායිකාවක් තෝරාගැනීම සඳහා තුර්කියේ ස්ටැන්බුල්වලට ගියේය. දින දහයක පමණ කාලයක් එහි රැඳී සිටි ඔහු තරුණ ගායිකාවක් තෝරා ගත්තේය. ඇය සමග ගුවනින් පැමිණීම සඳහා ගුවන් ගමන්පත් පිළියෙළ කරගත්තේය. එම ගුවන් යානය තුර්කි ගුවන් සමාගමකට අයත් එකකි. සමාජ ශාලාව වෙත පැමිණීම සඳහා ඔහු එම තරුණියද සමග ගුවන් යානයට පිවිසියේය. එය ගමන් කළ යුතුවූයේ ඇඩානා බලාය. එහෙත් ඔවුන්ට සිදුවූයේ බලාපොරොත්තු නොවූ අවාසනාවන්ත ඉරණමකි.  
ඔවුන් ගමන්ගත් ගුවන් යානය ඇඩානා ගුවන්තොටුපළට පැමිණෙන අතරතුර අනතුරකට පත්විය. 1962 වසරේ මාර්තු අටවැනිදා සිදුවූ එම ගුවන් අනතුරෙන් එහි ගමන් ගත් මගීන් එකොළොස්දෙනෙක් මරුමුවට පත්වූහ. එය සිදුවූයේ බොල්කාර් මවුන්ටේන්ස් හිදීය.  


ගුවන්යානයට සිදුවූ අනතුරෙන් ඔවුන්ගේ මරණයට හේතුවූයේ එය පතිතවූ ප්‍රදේශයේ ඒ වන විට පැවති අධික ශීතල නිසාය.  
(1962 TURKISH AIRLINES TAURUS MOUNTAINS CRASH) යනුවෙන් එම ගුවන්යානා අනතුර වාර්තා වීය.  
එම අනතුරෙන් ජීවිතය අහිමිවූ තරුණයාගේ වියෝවීම ඔහුගේ ව්‍යාපාරයට මෙන්ම ඒ වනවිට දෙදරු පියෙකුවූ ඔහුගේ පවුලේ සියලු දෙනාටම දැරිය නොහැකි වේදනාවක් විය. පවුලේ ඥාතීහු එම ඥාතියාගේ වියෝවීමෙන් බලවත් කම්පාවට පත්ව සිටියහ.  


කාලය ගෙවී ගියේය. දෙවසරක් පමණ ගතවිය. ඔවුන් පදිංචි නිවෙස් ආසන්නයේ නිවසක ජීවත්වූ යුවලකගේ පුත්‍රයෙකු බහතෝරන වියට පත්ව සිටියේය. එම දරුවා උපත ලබා තිබුණේද 1962 වසරේදීය. ගුවන් අනතුර සිදුවී දින කීපයකට පසු එම දරුවාගේ උපත සිදුවී තිබිණ. ඒකන් යනුවෙන් එම දරුවාට නම් දී තිබිණි.  
ඒකන් ඉපදී මාස කීපයක් ගතවිණ. ගුවන්යානා හඬක් ඇසෙන විට දැඩි ලෙස බියපත්වීම එම දරුවාගේ සිරිතවිය. එම බියපත් වීමට මාපියෝ එතරම් අවධානයක් යොමු නොකළහ. වසරක් පමණ වන විට ඔහු බහතේරීම ආරම්භ කළේය. වචනයක් දෙකක් උච්චාරණය කිරීමට හැකිවීමත් සමග ඔහුගේ මුවින් පිටවූ වදනක් වූයේ ටෝරෝස් ටෝරොස් යනුවෙනි. ඒ සමගම ඔහු ගුවන් යානයක් දුටු විට බියෙන් ඇළලී යන තත්ත්වයක්ද දක්නට ලැබිණි.  


මේ අතර දිනක් මව ඇමතූ දරුවා ඔයා මාව මගේ බිරිඳ ළඟට ගෙන යන්න යයි පැවසීය. ඔහුට දරුවන් සිටින බවත් තවත් මවක් සිටින බවත් හෙළි කළේය. ඔහු හැමවිටම ප්‍රකාශ කළේ බිරිය බැලීමට යාමට අවශ්‍ය බවය. තම පුත්‍රයා හෙළි කරන තොරතුරු පෙර භවයකට සම්බන්ධතාවක් ඇත්දැයි මාපියන්ට නොසිතුණි. වයස අවුරුදු තුනක් පමණ වනවිටත් ඔහුගේ පෙර භවයක් ගැන තොරතුරු අනාවරණය වන්නේ යයි මාපියන්ට පැහැදිලිව දක්නට නොලැබිණි. ඔවුහු ඒ පිළිබඳව අවධානයක් යොමු නොකළහ.  
තවත් සති කීපයක් ගතවිය. දිනක් නිවසේ සිටි දරුවා දක්නට නොලැබිණි. මාපියන් ඇතුළු ප්‍රදේශවාසීහු කලබලයට පත්වූහ. දරුවා සෙවීමට පියවර ගත්හ. අවසානයේ ඔවුන්ට දක්නට ලැබුණේ ඔවුන් පදිංචිව සිටි නිවෙස්වලින් මීටර් දෙසීයක් පමණ දුරකින් ඇති නිවසක් වෙත ඔහු ගොස් සිටි බවය. එම නිවසට ගිය දරුවා තමාගේ මව එහි සිටින බවත් පෙර භවයේ දරුවන් සිටින බවත් ප්‍රකාශ කළේය.  


ඔහුගේ මරණය සිදුවූ අන්දම ද හෙළි කළ එම දරුවා ඔහු ගමන්ගත් ගුවන් යානය අනතුරට පත්වූ අන්දමද නිවැරදිව හෙළි කළේය. එම නිවසේ සිටි ඥාතීහු මවිතයට පත්වූහ. ගුවන්යානා අනතුරෙන් මරණයට පත්වූ සමාජශාලාව හිමිව සිටි තරුණයාගේ නිවස එය විය.  
මෙම සිදුවීමෙන් අනතුරුව එම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳව පුනර්භව පර්​ෙ‌ය්ෂකයෝ ඇතුළුව ඥාතීහු ද පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වූහ. දරුවා අනාවරණය කළ තොරතුරු ඇතුළත් ලිඛිතව සටහන් කර ඇති කරුණු විසිපහක් පමණ එම ලේඛනයට ඇතුළත් වීය. ඉන් ප්‍රධානතම කරුණු බවට පත්වූයේ මවගේ නම සහ දූ දරුවන් ගේ නම් නිවැරදිව හෙළි කිරීමය.  
සමාජශාලාව පිහිටි ප්‍රදේශයත් එහි ගීත ගායනා කිරීමට එදා ගුවනින් රැගෙන ආ තරුණ ගායිකාවගේ තමන් ඒ අතර විය. ඒ වනවිට තරුණියද මරණයට පත්වී සිටි නමුත් ඇගේ ඡායාරූපයක්ද මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේදී දරුවාට ඉදිරිපත් කැරිණි. එම ඡායාරූපය නිවැරදිව හඳුනාගත් දරුවා තමා විදේශයට ගොස් රැගෙන පැමිණි තරුණිය ඇය බැව් හඳුනාගනු ලැබුවේ ප්‍රබලතම සාක්කියක් ලෙසය.  
කුඩා කල සිට දරුවාගේ මුවින් පිටවූ වදන ගුවන්යානා අනතුර සිදුවූ ස්ථානය බවද නිවැරදි විය.  
අපේ ගේ තිබුණෙත් අපේ අම්මලගෙ ගෙදර ළඟමයි යනුවෙන්ද වරක් එම දරුවා මව සමග ප්‍රකාශ කර තිබිණි. එයද සත්‍ය බවට පත්කරමින් ඔවුන්ගේ නිවෙස් ඉතා ආසන්නව පිහිටා තිබිණි.  

 

දරුවා හෙළිකළ ගුවන් අනතුර

 


මහාචාර්ය ස්ටීවන්සන් සමග මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයට සහභාගි වූ බේයර් විසින්ද දරුවාගේ පුනර්භව සාධකයේ වැදගත් කරුණු පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ඇතුළත් කර ඇත.  
එමගින් අනාවරණය වූ තවත් අතිශය ප්‍රබල සාක්කියක් එහි දක්වා තිබේ. එනම් පෙරභවය හෙළිකළ දරුවා හමුවීමට පැමිණි ඔහුගේ මිතුරෙකුගෙන් අනාවරණය වූ සිදුවීමකි.  
පෙර භවයේදී වයස අවුරුදු පහළොවේදී පමණ ඔහු පාපන්දු ක්‍රීඩාවට දැඩි ආශාවක් දක්වා තිබේ. වරක් ඔහුට එම ක්‍රීඩාවට සහභාගි වීම සඳහා මුදල් අවශ්‍ය වී තිබිණි. ඒ සඳහා මුදල් සොයා ගැනීමට ඔහු නිවසේ තිබූ තැටියක් රැගෙන ගොස් විකුණුවේය. මෙම සිදුවීම දැන සිටියේ ඔහුගේ මිතුරන් පමණි. පෙරභවය හෙළි කළ දරුවා හමුවූ අය දැනසිටි මිතුරෙක් ඒ පිළිබඳව ඔහුගෙන් පුංචි විමසීමක් කළේය.  
එයට නිවැරදිව පිළිතුරු දුන් දරුවා එදා තැටිය රැගෙන ගොස් විකුණූ අන්දමද අනාවරණය කළේ එහි රැස්ව සිටි පිරිස පුදුමයට පත් කරවමිනි. දරුවා ඒ පිළිබඳව කළ ප්‍රකාශය පර්​ෙ‌ය්ෂණ වාර්තාවේ ප්‍රබල සාක්කියක් ලෙස ඇතුළත්වී ඇත්තේ මෙසේය.  


HE HAD SOLD THE TRAY TO GET SOME MONEY SO HE COULD GO TO A FOOTBALL GAME) යනුවෙනි.  
ගුවන් අනතුරෙන් ඔවුන් මරණයට පත්වූයේ සිදුවූ තුවාල වලින් නොව එදා එහි පැවති අධික ශීතල නිසා බැව් එම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි. ඔහුගේ එම ප්‍රකාශයද ඒ අයුරින්ම සටහන්වී ඇත්තේ මෙසේය.  
HE WAS NOT INJURED IN THE CRASH BUT DIED OF FREEZING LATER) යනුවෙන් සනාථවූ එම සිදුවීමද ප්‍රබලතම සාක්කි අතරට එක්වී තිබේ.  
මෙම පුනර්භව සාධකය පිළිබඳව සිදු කරන ලද මනෝවිද්‍යාත්මක පර්​ෙ‌ය්ෂණයේදී පෙර භවයේ මරණය සිදුවීමට වසර ගණනකට උඩදී සිදුවූවක් මතකයෙන් හෙළිකිරීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ. එනම් පෙරභවයේ මරණය සිදුවූයේ ඔහු තරුණ වියේ සිටියදීය.  


ක්‍රීඩාවකට යෑමට මුදල් සොයා ගැනීමට නිවසේ තිබූ තැටියක් විකුණා ඇත්තේ මිය යෑමට විසිවසරකට පමණ උඩදීය. එම කරුණ පෙරභව හෙළි කළ දරුවා මතකයෙන් හෙළි කිරීම ඔහුගේ අධිමානසික බලයකින් සිදුවූවක් ලෙස පිළිගැනීමට සිදුවී ඇත.  

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

​පෙරභවයේ ගුවන් අනතුර හෙළි කළ දරුවෙක්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10920 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5929 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5250 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3238 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site