IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාකිස්තානයේ බෞද්ධ උරුමය

ලෝකෙන් ටිකක්

 

පාකිස්තානය බොහෝමයක් ශ්‍රී ලාංකික අපට හුරුපුරුදුව ඇත්තේ ඉස්ලාම් ආගමික රටක් ලෙසය. එසේම ක්‍රිකට් ක්‍රීඩාව නිසාද, දකුණු ආසියාවේ පිහිටි පාකිස්ථානය අපේ ජනහදවත්වලට සමීපය. 
එනමුදු එකී පාකිස්තානය ඉපැරණි බෞද්ධ ශිෂ්ටාචාරයට උරුමකම් කියන රටක් බවට මෙරට ජනයා තවමත් දැනුම්වත් වී ඇත්තේ මඳ වශයෙනි. 

 

එබැවින් ඉපැරණි පාකිස්තාන ගාන්ධාර ශිෂ්ටාචාරයේ බෞද්ධ උරුමය (Gandhara Civilization Buddhist Heritage in Pakistan) පිළිබඳ ගවේෂණය යෙදෙන්නට අපි අදහස් කළෙමු. 


ලාංකික පාඨකයාට ඒ තුළින් පාකිස්තාන බෞද්ධ උරුමයන් හා අසිරිමත් ගාන්ධාර ශිෂ්ටාචාරය පිළිබඳ නොදත් තොරතුරු රැසක් දැන කියා ගැනීමට හැකියාව ඇත. 


මේ සඳහා අපට සම්පත් දායකත්වය ලබා දුන්නේ ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයයි. 


පෞරාණික බෞද්ධ කලා ශිල්පවලට සහ සංස්කෘතියට පාකිස්තානය තෝතැන්නකි. 


මෙම උපමහාද්වීපයේ සංස්කෘතික ඉතිහාසය සහ සමාජ පරිණාමය තුළ ආගමික විශ්වාස සුවිශේෂී අංගයක් බවට පත්ව තිබේ. 


 බුද්ධාගම ආරම්භ වීමට සහ සංවර්ධනය වීමට පාකිස්තානයෙන් ද මනා සහයෝගයක් හිමිව තිබේ. 


 ගාන්ධාර භූමිය ඉන්දු ගංගාවේ බටහිර දෙස කිලෝමීටර 100 ක් පමණ නැගෙනහිර සහ බටහිර දෙසටත් කි.මී. 70 ක් පමණ උතුරු සහ දකුණු දිගටත් විහිදේ. මෙම භූමි 03 පැත්තකින් කඳුවැටිවලින් ආවරණය වී තිබෙන අතර අද වන විට පේෂාවර් නිම්නය උද්‍යාන, බූනර් සහා ටසිලා නිම්නයෙන් වැඩි කොටසකට අයත් වන්නේ මෙම ප්‍ර​ෙද්ශයයි. 


පසුගිය වෙසක් උත්සවය සමයේ මෙරට බෞද්ධ ජනතාවට දෑසින් දැකබලා ගැන්මටත්, වන්දනාමාන කිරීමටත් ගාන්ධාරයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙරටට වැඩම කරවන ලදී. ශ්‍රී ලාංකික ජනතාවට පාකිස්තාන රජය විසින් ලබා දුන් මහඟු අවස්ථාවකි. 


මෙකී ධාතුන් වහන්සේලාව මෙරටට වැඩම කරවන ලද ගාන්ධාර ශිෂ්ටාචාරයේ (Taxila) තක්ෂිලා දේශය මේ වන විට බෞද්ධ ජනයාගේ අවධානය යොමුව ඇත. 


 ගාන්ධාර යනු ඉපැරණි රාජධානියකි. වර්තමානය උතුරු පාකිස්තානයට නැගෙනහිරින් ඇෆ්ගනිස්ථානයට අයිති ප්‍රදේශයකි. 


මෙකී රාජධානිය ක්‍රි.පූ. 01 සියවසේ සිට ක්‍රි.ව. 11 වැනි සියවස දක්වා පැවැති අතර එම කාල පරිච්ඡේදය ක්‍රි.පූ. 01 සියවසේ සිට ක්‍රි.ව. 05 සියවස දක්වා කාලය එරට බෞද්ධ රජවරුන් යටතේ පැවැති අතර එම කාලය එරට ස්වර්ණමය රාජ්‍ය කාලයක් විය. 


 එනමුදු ක්‍රි.ව. 11 සියවසේ 'Mahmud of Ghazni' නම් මුස්ලිම් ආක්‍රමණික රජුගෙන් පසු ගාන්ධාර නම මැකී ගියේය. 


එම රාජධානියට අයත් වර්තමාන Taxila ප්‍රදේශයට අයත් අමිල බෞද්ධ පුරාවස්තු රැසක් සොයාගෙන ඇත. ඒවා කරච්චි​ නගරයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. 


තක්ෂිලා ඉතිහාසය පුරාවට විවිධ ආක්‍රමණයන්ට විනාශයන්ට තක්ෂිලා නුවර ගොදුරු වී ඇත. 


 විවිධ අාක්‍රමණයන් මධ්‍යයේ වුවද එහි සංස්කෘතික අංග පාකිස්තානය ගාන්ධාර ශිෂ්ටාචාරය නොසැලී පැවැතියේය. 


කරච්චි ජාතික කෞතුකාගාරයේ රඳවා ඇති ධාතුන් හා පුරාවස්තුන් මගින් පොහොසත් සංස්කෘතික ඉතිහාසය කියා පායි. 


 ග්‍රීක ඉතිහාසඥ ‘ඒරියන්’ විසින් සඳහන් කර ඇත්තේ තක්ෂිලාව යනු Indu ගඟ සහ වර්තමානයේ ජේලුම් ගඟ අතරමැද පිහිටි සශ්‍රික නගරයක් බවයි. 


ඉතිහාසඥයින්ට අනුව අතීතයේ එහි අතිශයින්ම සරුසාර හා දැඩි ජනඝනත්වයෙන් යුත් අගනගරයක් බවට සඳහන් වේ. 


 ක්‍රි.ව. 07 සියවසේ විසූ බෞද්ධ වන්දනාකරුවකු වන (දේශ ගවේෂකයකු) 'Idsiian Tsang' වාර්තා අනුව මෙකී පුණ්‍යභූමිය සරුසාර අටුකොටු අස්වැන්න සපිරි සුළලිත නීලහරිත පැහැ ගැන්වූ මනස්කාන්ත දේශයක් බවයි. 
 පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් සොයාගත් ඉපැරණි ආභරණ කියා පානුයේ අසිරිමත් තක්සලාව ධනයෙන් ආඪ්‍ය වූ බවය. 


 එසේම මෙකී ධනයෙන් ආඪ්‍ය බව නිසා තක්ෂිලාව විදේශ ආක්‍රමණවලට ගොදුරු වී ඇති බවට සඳහන් වේ. 


එනමුදු මෙකී ඇතැම් ස්වර්ණාභරණ විදේශ බලපෑම්වලින් මිදී ඒවයේ ස්වදේශීය අනන්‍යතාව රැක ගැනීමට සමත්ය. 


විශේෂයෙන් බෞද්ධ පුරාවස්තුවලට අනුව තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ ජීවන චරිතය හා පරිණිබ්බානය කියාපායි. ඒ වගේම බෞද්ධ පුරාවස්තු රැසක් එහි දක්නට ඇත. 


 බෞද්ධාගම විසින් පාකිස්තානයට පොහොසත් ඉතිහාසයක් සහ කලාශිල්ප මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයක් දායාද කර ති​ෙබ්. ගාන්ධාර ප්‍රදේශයේ මෙම නටඹුන් විශාල වශයෙන් දැකිය හැකි අතර මෙම ඉතිහාසයෙන් බොහෝ ප්‍රමාණයක් අදටත් පාකිස්තානය තුළ දැකිය හැක. 


එවන් දේශයක අද දක්වා පවතින බුදුරජුන්ගේ උත්තම ධාතු වන්දනාවට මෙරට තුළ වන්දනාමාන කිරීමට හැකිවීම අපි ලැබූ පින්බර වරප්‍රසාදයක් වගේම ඒ තුළින් අපේ රටේ හා පාකිස්තානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නව තාලයකට ගෙනයාමටද හැකි විය. 


 ක්‍රිකට්, වෙ​ෙළඳ‌ාම දකුණු ආසියාතික සහයෝගිතාව පමණක් නොව ඉපරැණි උරුමයන් ද අප දෙරට යාකරන පාලමක් විය. 

 

 

 

 


සටහන- මහේෂානි මීගහපොල



අදහස් (0)

පාකිස්තානයේ බෞද්ධ උරුමය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10923 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5251 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 328 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site