IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුඩු විකුණන්න ගිය අජිත්ගේ මළ සිරුර වැව් පිටියේ

පොලිස් චෝදනාගාරයෙන්

හොරණ පොලිසියට 2017 අගෝස්තු 11 වැනිදා රාත‍්‍රියේ පැමිණිල්ලක් ලැබිණ. ඒ හොරණ බැල්ලපිටිය පදිංචි කඳනආරච්චිගේ පුන්සිරි අජිත් කුමාර නමැති අයෙකු අතුරුදන් වූ බවටය. ඔහු ත‍්‍රිරෝද රථයකින් තවත් මිතුරෙකු මුණගැසීමට ගිය නමුත් ආපසු නොපැමිණි බවට මෙම පැමිණිල්ලේ සඳහන් විය.
 
අතුරුදන් තැනැත්තාගේ සහෝදරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන අතර ඔහුගේ මිතුරෙක්ද පොලිසියට කට උත්තරයක් දී තිබිණ. 


 අතුරුදන් අජිත්ගේ මිතුරා සුරේෂ් පොලිසියට පවසා තිබෙන්නේ අජිත් ඉන්දික නමැති යාළුවෙකුගෙන් යම් කිසි දෙයක් ලබාගැනීම සඳහා හොරණ පොකුණුවිටට පැමිණියේ තමන්ගේ ත‍්‍රිරෝද රථයෙන් බවත්ය. පොකුණුවිට දී අජිත්ට තවත් දුරකථන ඇමතුමක් ලැබුණු බවත් ඉන්පසුව තමන්ට පොකුණුවිට ඉන්නට කියා ත‍්‍රිරෝද රථයත් ඉල්ලා ගෙන අජිත් තනිවම බණ්ඩාරගම දෙසට ගමන් කළ බවත් සුරේෂ් වැඩිදුරටත් සිය කට උත්තරයේ සඳහන් කර තිබේ. 


මෙම තොරතුරු අනුව සුරේෂ්ගෙන් ලබාගත් අජිත්ගේ දුරකථන අංකයට ඇමතුම් ලබාගත්තද එය ක‍්‍රියා විරහිත කර තිබුණ නිසා කිසිදු තොරතුරක් ලබාගත නොහැකි විය. මේ සම්බන්ධයෙන් හොරණ පොලිසිය පරීක්ෂණ කරගෙන යද්දී දින දෙකකට පසුව බණ්ඩාරගම උයන්වත්ත වැව ආසන්නයේ තිබී බණ්ඩාරගම පොලිසිය ත‍්‍රිරෝද රථයක් සොයාගනු ලැබිණ. 


හොරණ පොලිසියට ලැබුණ පැමිණිල්ලට අනුව ත‍්‍රිරෝද රථය හඳුනාගැනීමට එහි පැමිණිල්ල කළ පුද්ගලයා හා ඔහුගේ මිතුරා ගෙන්වනු ලැබිණ. එහිදී සුරේෂ් විසින් සිය ත‍්‍රිරෝද රථය හඳුනාගත්තේය. එසේ නම් එහි පැමිණි පුද්ගලයාට කුමක් සිදුවීද? ඒ ගැන සෙවීමට පොලිසිය ප‍්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කළේය. වැවේ එක් පැත්තක කැලෑව වැවී තිබුණ අතර ඒ ප‍්‍රදේශයෙන් සතෙක් කුණු වුණා වැනි ගඳක් හමන්නට විය. ඒ ගඳ ඔස්සේ යමින් පරීක්ෂා කිරීමේදී කුණු වී ඕජස් ගලන මළ සිරුරක් හමුවිය. 


මහේස්ත‍්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කරනු ලැබිණ. එහිදී මෘත ශරීරයේ පිටකොන්ද පපු පෙදෙස ඇතුළු ස්ථාන රැසක දරුණු කැපුම් තුවාල ඇති බව හඳුනාගත් අතර අධික ලෙස රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට නිගමනය විය. 


අජිත් සමග පොකුණුවිටට ගිය සුරේෂ් සමග පොලිසිය නැවත වරක් කතා කළේය. අජිත් හමු​ෙවන්නට ගිය මිතුරා කව්දැයි දන්නවාදැයි විමසුවත් සුරේෂ් දන්නේ ඔහු ඉන්දික නමැති අයෙකුට කතා කළ බව පමණි. එහෙත් සුරේෂ් වැදගත් තොරතුරක් හෙළි කළේය.  


ඒ අජිත් ගියේ ​ෙහරොයින් ගෙන ඒමට බවය. ​ෙහරොයින් ටික සඟවපු තැන හොයාගන්න බැරුව ඉන්නේ කියලත් ඔහු තමන්ට දුරකථනයෙන් පැවසූ බවත් එම ඇමතුමෙන් සුළු වෙලාවකට පසුව නැවත ඔහුට අමතන්නට උත්සාහ කළත් කිසිම ප‍්‍රතිචාරයක් නොදැක්වූ අතර පසුව දුරකථනය විසන්ධි වූ බවත් සුරේෂ් පොලිසියට පවසා තිබිණ. 


අජිත්ව කපා කොටා ඝාතනය කිරීමට අවශ්‍යව තිබුණේ කාටද? මේ පිළිබඳව බණ්ඩාරගම පොලිසියත්, හොරණ පොලිසියත් දෙකම පරීක්ෂණ සිදුකරන අතර පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි පී.ආර්.පී. සේනානායක මහතාගේ නියෝගයක් මත පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයට ද පරීක්ෂණය සිදුකිරීමේ වගකීම පැවරිණ. 


අජිත්ගේ පැටිකිරිය පිළිබඳව සොයා බැලීමෙන් නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතා සිය කාර්යය ඇරඹුවේය. ලද තොරතුරුවලට අනුව අජිත් බන්ධානාගාර ගතව සිට නිදහස්ව පැමිණ තිබෙන්නේ මිය යාමට මාස කීපයකට පෙරය. ඔහුට එරෙහිව චෝදනා රැසක් තිබේ. ඒ කොල්ලකෑම් සම්බන්ධයෙනි. 


 එසේ නම් ඉන්දික යනු බන්ධනාගාර ගතව සිටි අයෙක්ද? යන සැකය පොලිසියට ඇති විය. නීතිය බලගැන්වීමේ ඒකකය උයන්වත්ත වැව අවට හා කොතලාවල, රයිගම ප‍්‍රදේශයේ වෙසෙන බන්ධනාගාර ගත වූවන් හා හෙරොයින් ජාවාරමේ නිරත වූවන් ගැන තොරතුරු සෙවීය. ඒ සඳහා පොලිස් සැරයන් 55202 විරසේන, පොලිස් කොස්තාපල් 69615 ජයසූරිය යන නිලධාරීන් දෙදෙනා කොතලාවල ප‍්‍රදේශයට එවනු ලැබිණ. 
සිවිල් ඇඳුමෙන් සැරසී රස්සාවක් හොයාගෙන එන අය ලෙස මේ දෙදෙනා අවට පුරා සැරිසැරූහ. කඩපිල් ගානේ රස්තියාදු වූහ. මෙහිදී ඔවුන්ට හෙරොයින් ළඟ තබාගැනීම නිසා අත්අඩංගුවට පත්වූවකු වන අසේල ගැන දැන ගන්නට ලැබිණ. අසේල නිතර සුජිත් නමැත්තකුගේ ගෙදරට පැමිණියේය. සුජිත්ගේ නිවස තිබෙන්නේද වැව ආසන්නයේමය. සුජිත්ගේ නිවසට යන එන සමන් ගැනද විමසිලිමත් වූ පොලිසියට දැන ගන්නට ලැබිණ. සමන් රත්නපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර හිටපු හමුදා සෙබළෙකි. එසේම ඔහුද බන්ධනාගාරගතව සිටියෙකි. මේ තිදෙනා ගැන ඇස ගසාගෙන සිටි පොලිස් නිලධාරීන් ඔවුන් සමග කුලුපග වී ​ෙහරොයින් පිළිබඳව කතාබහක් ඇති කරගත්තේය. ඉන්දික ගැන තමන් දන්නා ලෙසට පොලිස් ඔත්තුකරුවෝ දෙදෙනා හැසිරුණහ. එයින් සුජිත්ට ඉන්දික සමග තිබූ සබඳතාව සැක හැර දැනගත් පොලිසිය සුජිත් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරද්දී මෙයට සමන්ද සම්බන්ධ බවට තොරතුරු හෙළි විය. නවීන තාක්ෂණය යොදාගනිමින් කරන ලද පරීක්ෂණවලින් මේ එකිනෙකා සමග සබඳතා පැවැත්වූ ජාලයක් හඳුනාගැනීමට පොලිසියට හැකි විය. ඔවුන් අතරින් මෙම සිදුවීමට ඍජුවම සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට ගැනිණ. 


 ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් ලද තොරතුරුවලට අනුව බන්ධානාගාරගතව සිටියදී අජිත්ට වසර විස්සක සිරදඬුවමක් විඳින ඇල්පිටියේ පදිංචිකරුවකු වන ඉන්දික නමැත්තා හමුවී තිබේ. අජිත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඔහු සමග මිතුරු වේ. ඇප ලබා එළියට එන නිශ්චිත රැකියාවක් නැති අජිත් තමන්ගේ හෙරොයින් ජාවාරමේ ඉත්තකු බවට පත්කර ගැනීමට ඉන්දිකට අවශ්‍ය විය. ඒ නිසා ඔහු තමන්ගේ ගෙවල් දොරවල්වල විස්තරත් අජිත්ට සැපයුවේය. එළියට ගිය පසු හෙරොයින් ලබාදෙන මාර්ගය සකස් කරන බව ඔහු කීවේය. 

 

 

 එළියට පැමිණි අජිත් ඉන්දිකලාගේ ගෙදරට ගියේය. ඔහුගේ බිරිඳ ද මුණගැසුණි. ඇය රූමත්ය. තවමත් විවාහකයෙක් නොවූ අජිත් ඉන්දිකලාගේ ගෙදර නිතර යන්න එන්න පටන් ගැනීමත් සමග ඉන්දිකගේ බිරිඳ හා අජිත් අතර අනියම් සබඳතාවයක් ගොඩනැගිණ. ඉන්දිකට මේ බව ආරංචි විය. “කන්න දීපු අත හපා කන බල්ලා” යැයි ගුගුරමින් පැවසූ ඉන්දික ඔහුගෙන් පළිගන්නා බවට දිව්රා සිටියේය. 


 අජිත් හෙරොයින් බිස්නස් කරන්නට සූදානම් ව ඇති බව ඉන්දිකට මතක් විය. ඔහු වහාම තුෂාන් අසේල නමැත්තාට කතා කළේය. ඔහුද අජිත් සමගම බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණි අයෙකි. 


 “මචං මට උදව්වක් කරපං” 


 “මොකක්ද?” 


 “අජිතා මට බලු වැඩක් කළා. ඌ මගේ ගෑනි ගන්න ගිහින්. ඕකට මම බිස්නස් එකක් සෙට් කරන්න හිටියේ. දැන් ඒවායින් වැඩක් නැහැ. ලක්ෂ දහයක් දෙන්නම් ඌ ඉවරයක් කරපං” යැයි ඕඩරය දුන්නේය. 

 

අජිත් සමග පොකුණුවිටට ගිය සුරේෂ් සමග පොලිසිය නැවත කතා කළේය. අජිත් හමු​ෙවන්නට ගිය මිතුරා කව්දැයි දන්නවා දැයි විමසුවත් සුරේෂ් දන්නේ ඔහු ඉන්දික නමැති අයෙකුට කතා කළ බව පමණි. එහෙත් සුරේෂ් වැදගත් තොරතුරක් හෙළි කළේය.  


ඒ අජිත් ගියේ ​ෙහරොයින් ගෙන ඒමට බවය. ​ෙහරොයින් ටික සඟවපු තැන හොයාගන්න බැරුව ඉන්නේ කියලත් ඔහු තමන්ට දුරකථනයෙන් පැවසූ බවත් එම ඇමතුමෙන් සුලු වෙලාවකට පසුව නැවත අමතන්නට උත්සාහ කළත් කිසිම ප‍්‍රතිචාරයක් නොදැක්වූ අතර පසුව දුරකථනය විසන්ධි වූ බවත් සුරේෂ් පොලිසියට පවසා තිබිණ. 


 මෙය සිදුකරන්නේ කෙසේ දැයි අසේල කල්පනා කළේය. අසේලගේ ලොකු අම්මාගේ පුතා සුජිත්ය. ඔහුගේ නංගිගේ පෙම්වතා හිටපු හමුදා සෙබළෙකි. හොරණ ප‍්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරද්දී ඔහුට සුජිත්ගේ නැගණිය හමුව ඇති අතර එහිදී ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැගී තිබේ. රත්නපුර පදිංචිකරුවෙක් වන සමන් සුජිත්ලාගේ ගෙදර නිතර නැවතුණේ ගමන් පහසුව නිසාය. 


 සමන් මේ වැඩේට සුදුසු අයෙක් ලෙස සුජිත්ට වැටහිණ. ඒ අනුව ඉන්දිකට ඍජුවම සමන් සමග කතා කිරීමට අවස්ථාව සලසා දුන්නේය. සමන් ඕඩරය භාරගත්තේය. මේ අතර ඉන්දික අජිත්ට ද කතා කළේ කිසිම ආරවුලක් තිබෙන බවක් හඟවන්නේ නැතිවය. 


 “ඉතිං අජිත් කොහොමද තොරතුරු? උඹ මොකද මම කියපු බිස්නස් එක කරනවාද නැත්නම් වෙන රස්සාවක් කරනවාද?” 


 “ඉන්දික අයියා වෙන රස්සා මොකටද? මට වැඩේ සෙට් කරන්න, කරන්නම්.” 


 “හරි එහෙම නම් මම උඹට එක්කෙනෙක් සෙට් කරන්නම්. සමන් කියලා අපේ කොල්ලෙක් කතා කරයි. මුලින්ම උඹට ග‍්‍රෑම් සීයක් විතර හම්බවෙයි. ඒක කරලා බලමුකෝ ටික ටික කරගන්න.” 
 “හොඳයි ඉන්දික අයියා. බය වෙන්න එපා, බුවා ගානට වැඩේ කරගෙන යනවා.” 


 එය අසා ඉන්දික මහහයියෙන් හිනා වුණත් ඒ ඇයි දැයි අජිත්ට වැටහුණේ නැත. සමන් වැඩේ භාරගත්තත් ඒක කරන්න ඔහුට ඒ තරම් හිත දුන්නේ නැත. අජිත්ව පළමු දවසේ ගෙන්වා ගත්තද අද බඩු නැහැ පස්සේ බලමු කියා ආපසු හරවා යැව්වේ ඒ නිසයි. එහෙත් ඉන්දික නැවත සමන්ට කතා කර ඔහු උනන්දු කෙරෙව්වේය. ඒ අනුව දෙවැනි හමුව යෙදිණ. පොකුණුවිටට පැමිණෙන ලෙස සමන් අජිත්ට දැනුම් දුන්නේය. අජිත් තම මිතුරකු වන සුරේෂ් ද සමග ඔහුගේ ත‍්‍රිරෝද රථයෙන් පොකුණුවිටට පැමිණ සමන්ට කතා කළේය. 


 අජිත්ගේ කටහඬ මතු වූ ආකාරය අනුව ඔහු වාහනයක සිටින බව දැනගත් සමන් ඒ බව තහවුරු කරගත්තේය. 


 “මචං උඹ තව කවුරු හරි එක්කද ඉන්නේ?” 


 “ඔව්, මගේ යාළුවෙක් ඉන්නවා.” 


 “උඹ දන්නවානේ අපේ පොට් පිට අයට දෙනවාට ඉන්දික අය්යා කැමති වෙන්නේ නෑ කියලා. අවුලක් කරගන්නේ නැතිව උඹ තනියම වරෙන්.” 


 ඒ අනුව අජිත් සුරේෂ්ව පොකුණුවිටින් බස්සවා ඉක්මනට එන බව කියා සුරේෂ්ගේ ත‍්‍රිරෝද රථයද රැගෙන පිටව ගියේය. සමන් කොතලාවල ප‍්‍රදේශයේදී එම ත‍්‍රිරෝද රථයට ගොඩ විය. ඔහු අජිත් රැගෙන වැව අසළට ගියේය. පාර අයිනේ ත‍්‍රිරෝද රථය නවත්වන ලෙස අජිත්ට දැන්වූ සමන් වැව් ඉවුර දිගේ කැලේ දෙසට ගමන් කළේය. මේ හරියේ තමයි මම හැංගුවේ කියමින් ස්ථාන කීපයක් අවුස්සමින් සෙවූ නමුත් හෙරොයින් හමු නොවිණ. මේ අතර අජිත්ට මිතුරාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ. 


“මචං මොකද පරක්කු?” 


 “බඩු තිබ්බ තැන හොයාගන්න බැරුව ඉන්නේ. තව පොඩ්ඩක් හිටපං මම ඉක්මනට එනවා.” 


 ටික වෙලාවකින් සමන් අජිත්ට කතා කර ගසක් පාමුල තැනක් පෙන්වා එතන පරික්ෂා කර බලන ලෙස කියා සිටියේය. අජිත් එම ස්ථානය පරික්ෂා කිරීමට පහතට නැඹුරු වනවාත් සමගම සමන් සඟවාගෙන සිටි පොරොවකින් පහර දුන්නේය. පහර කාගෙනම ආපසු හැරුණ අජිත් ඔහු සමග පොර ඇල්ලුවද සමන් එල්ල කළ තවත් පොරෝ පහර කීපයකින් පරාජය භාරගන්නට ඔහුට සිදුවිය. සමන්ගේ සිරුර කැලෑවේ අකුළක් අස්සට ඇද දැමූ සමන් අජිත් ගේ දුරකථනය වැවට විසිකර දමා පොරොවද ගසක් යට වළ දමා කිසිවක් නොවූ පරිදි ගෙදරට ගියේය. 


 ඉන්දිකට වැඩේ අවසන් කළ බව දැනුම් දුන් අතර පොරොන්දු වූ ලක්ෂ දහය එවීමට ගිණුම් අංකයක් එවන්නැයි ඉන්දික දැනුම් දුන්නේය. එහෙත් එවැනි මුදලක් එකවර ගිණුමට ආවොත් එයම තමන් සැකයට භාජනය වීමට හේතු වනු ඇතැයි සිතූ සමන් ඊෂි කෑෂ් ක‍්‍රමයට රුපියල් දහදාහක් පමණක් ගෙන්වා ගත්තේ ඉතිරි මුදල පසුව ගනිමුයි පවසමිනි. එහෙත් එයට පෙර ඔවුන්ගේ ඝාතන සැලසුම් හෙළිදරව් විය. 


 අජිත් ඝාතනය කිරීම හා එය සැලසුම් කිරීමේ වරදට සමන්, සුජිත්, අසේල මෙන්ම විසි වසරක සිරදඬුවම් විඳින ඉන්දිකට ද එරෙහිව නඩු ගොනු කෙරිණ. 


 කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් අධිකාරි පී.ආර්.පී. සේනානායක, සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අසංක රාජකරුණා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන්වරුන් වන 17605 ආනන්ද, 55202 වීරසේන, පොලිස් කොස්තාපල්වරුන් වන 38049 චමින්ද, 69615 ජයසූරිය, 34502 ධර්මසේන, 69918 වසන්ත, පොලිස් කොස්තාපල් රියැදුරු 17800 දේවප‍්‍රිය යන නිලධාරීන් විසින් මෙහි පරීක්ෂණ සිදුකරනු ලැබීය. 

 

 

 


මුදිතා දයානන්ද සමග 
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

කුඩු විකුණන්න ගිය අජිත්ගේ මළ සිරුර වැව් පිටියේ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5252 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site