
වසරක් ගෙවී වසරක් උදාවෙමින් තිබේ. මේ වන විටත් නිවසට අලූතින් එක් කර ගත යුතු අංග පිළිබඳව ඔබ සිතමින් ඉන්නවා වන්නට පුළුවනි. මෙහිදී මුළුතැන්ගෙය පිළිබඳ උනන්දු වන ගෘහිණියකට අලූතින් පැන්ටි‍්‍ර කබඞ් එකක් සකස් කර ගන්නට කැමැත්තක් තිබෙනවානම් එහිදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙම ලිපියෙන් සාකච්ඡා වෙයි.
මුළුතැන් ගෙයට පැන්ටි‍්‍ර කබඞ් එක් කර ගැනීමෙන් අපේක්ෂා කරන්නේ පිළිවෙළ සහ පිරිසුදු බවයි. මෙය කොතරම් මිල අධික නිමැයුමක් වුවත් ගෘහිණියක් කෙසේ හෝ මුළුතැන්ගෙයි පිළිවෙළ කර ගන්නට පැන්ටි‍්‍ර කබඞ් එකක් සකස් කර ගැනීමට උනන්දු වෙයි. අද වන විට ලී නිමාවට අමතරව විවිධ අමුද්‍රව්‍ය භාවිතයෙන් පැන්ටි‍්‍ර කබඞ් නිම වන ආකාරය දක්නට ලැබේ. සම්පුර්ණ ලී නිමාවෙන් යුතු, සිමෙන්ති හා ලී මිශ‍්‍ර, විදුරු හා ඇලූමිනියම් මිශ‍්‍ර ආදී වශයෙන් පැන්ටි‍්‍ර කබඞ් දක්නට ලැබේ. මෙහිදී තමන්ගේ නිවසට සුදුසු කුමන නිමාවෙන් යුතු පැන්ටි‍්‍රයක් දැයි පහත කරුණු අනුව තීරණය කරන්න.
නිවෙසට වඩාත් සුදුසු පැන්ටි‍්‍රය කුමක්ද?
පැන්ටි‍්‍ර කබඞ් නිවසට එක් කර ගැනීමේදී නිවසේ ප‍්‍රමාණය, මුළුතැන් ගෙයි ප‍්‍රමාණය මෙන්ම තමන්ට දැරිය හැකි වියදම යන සාධක පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඔබට පැන්ටි‍්‍ර සකස් කිරීම සඳහා ඇත්තේ අඩු ඉඩ කඩක් නම් වීදුරු භාවිතයෙන් ඉඩකඩ පෙන්වන ලෙස කබඞ් සකස් කර ගත හැක. ඒ වගේම එම ස්ථානයට ලැබෙන ආලෝකය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. ආලෝකය අඩු තැනක් නම් එවැනි ස්ථානයකට වඩාත් සුදුසු වන්නේ වීදුරු සහ ඇලූමිනියම් මිශ‍්‍ර කබඞ්ය. කෙසේ නමුත් කුඩා ඉඩකඩක වුවත් ඔබට ලී නිමාවෙන් යුතු පැන්ටි‍්‍රයක්ම අවශ්‍ය නම් ලී වඩාත් අ`දුරු පැහැ නොකළ යුතුය.
විවිධ වර්ණවලින් තෝරා ගත හැකිය
දුඹුරු, කොළ, කළු, රතු වැනි විවිධ වර්ගවලින් ඔබට පැන්ටි‍්‍ර කබඞ් නිර්මාණය කර ගත හැක. මෙම වර්ණ එම ස්ථානයේ බිත්තිවල වර්ණ සමග ගැළපීමෙන් වඩාත් ආකර්ෂණීය පෙනුමක් එක් කර ගත හැක.
භාවිතයේ පහසුව බොහොම වැදගත්
අද බොහෝ දෙනෙක් පැන්ටි‍්‍ර කබඞ් නිර්මාණයේදී එකම ආකෘතියක් භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. නමුත් එසේ විය යුතු නැත. අප පැන්ටි‍්‍රයක් එක් කර ගන්නේ භාණ්ඩ පිළිවෙළින් අසුරා තැබීමටය. මේ නිසා පැන්ටි‍්‍රය එසේ විය යුත්තේ තමන්ට භාණ්ඩ අසුරා තැබීමටත් ඒවා භාවිතයට ගැනීමටත් පහසු ආකාරයටය.
විවිධ පෙනුම දෙන කබඞ්
අද වන විට පැන්ටි‍්‍ර කබඞ් ඇ`දුම් කබඞ් ආකාරයෙන්ද නිර්මාණය වෙයි. ශීතකරණය පවා දැමිය හැකි කබඞ් නිර්මාණය වීම දක්නට ලැබේ. බොහෝ විට මෙවැනි නිර්මාණවල දී වර්ක් ටොප් එක මත බඩු භාණ්ඩ ගොඩගැහෙන්නේ නැත. එයින් වැඩි පිළිවෙළක් නිවසට එක් කරයි.




2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉඩ අඩු තැනකට වැඩි ඉඩක් පෙන්වන පැන්ටි‍්‍ර කබඞ්