කාංචන කුමාර ආරියදාස
සීගිරිය කණ්ඩලම පනහ කොටස ප්රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු පැය තිස් හතරක මෙහෙයුමකින් පසුව ගොඩ ගෙන කැලයට පලවා හැරීමට හැකි වූ බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.
එක් ඇසක් නොපෙනෙන මෙම වන අලියා කණ්ඩලම 50 කොටස ප්රදේශයේ වගා ළිඳකට 12 දින අලුයම 5 ට පමණ වැටී තිබිණි. පසුව එම අවස්ථාවේ සිට සීගිරිය වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන් එක්ව වන අලියා ළිඳෙන් ගොඩ ගැනීමට උත්සහ කළ ද අලියා ගේ පාදයක් ළිඳේ මඩ තුල එරීම හේතුවෙන් ගොඩ ගැනීමට අසීරු විය.
පසුව බැකෝ යන්ත්‍ර උපයෝගී කරගෙන අලියා ගොඩ ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරත වුවද එය අසාර්ථක විය.
අද සීගිරිය වනජීවී නිලධාරීන් මෙන්ම බකමූණ ගිරිතලේ මින්නේරිය පොළොන්නරුව ඇළහැර ආදී වනජීවී නිලධාරීහු ද පැමිණ දැඩි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට කළහ. ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව වනජීවී නිලධාරීන් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් වන අලියා එරි සිටියදී ගොඩගැනීමට ගත් උත්සාහය සාර්ථක විණි.
වන ජීවි නිළධාරින් කියා සිටියේ ළිඳක වැටී සිටි වනඅලියෙකු ගොඩගැනීම සඳහා මෙපමණ කාලයක් ගත වූ ප්‍රථම අවස්ථාව මෙය බව යි. එමෙන්ම මෙම වන අලියා එක් ඇසක් නොපෙනීම හේතුවෙන් ගොඩගැනීමට තවත් අසීරු වූ බව ද ඔවුහු පවසති.




2025 දෙසැම්බර් මස 30
74
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ළිඳේ වැටුණු අලියා පැය 34ක මෙහෙයුමකින් පසු බේරා ගැනෙයි