IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


හුරුළු වැවට ජලය නොලැබීමෙන් ගොවීහු අසරණ වෙති


( උපුල් තම්මිට )


පවතින වියලි කාලගුණයත් සමඟ ප්‍රමාණවත් ලෙස මහවැලි ජලය හුරුළු වැවට නොලැබුණහොත් කන්න හතරක් අහිමිවීමේ අවදානමක් ඇතැයි හුරුලුවැව ගොවීහු පවසති. 


මහවැලි බලධාරීන් නියමිත පරිදි ජලය මුදා හැර ඒ පිළිබඳව අධීක්ෂණය කළහොත් අනුරාධපුර  දිස්ත්‍රික්කයේ විශාලතම ගොවි ව්‍යාපාරයක  ජන ජීවිතය නගාසිටුවීමට හැකිවනු ඇතැයිද  ඔවුහු විශ්වාසය පළකරති.


සෑම වසරකම යල කන්නයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉහළම අතිරේක භෝග වගා කෙරෙන්නේ හුරුළු වැව ව්‍යාපාරයේ වන අතර මේ වනවිට සම්පූර්ණයෙන්ම කන්න හතරක් අතහැර දැමීමට සිදුවී ඇත්තේ ප්‍රමාණවත් වර්ෂාවක්  නොලැබීම හේතුවෙන් බව  ගොවීහු පෙන්වා දෙති.


අක්කර අඩි පනස් පන්දහසක විශාලත්වයකින් යුත් හුරුළු වැවේ  මේ වනවිට අඩි අට දක්වා ජල මට්ටම පහළබැස ඇති අතර එය වැවේ ජීවත්වන මිරිදිය මත්ස්‍යන්ට හෝ ප්‍රමාණවත් නොවන බව ගොවීහු පවසති.


මෙවර යල කන්නය තුළ අතිරේක භෝග හෝ වගාකිරීම සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් මහවැලි ජලය අක්කර අඩි තිස්හයදහසක් වාර කිහිපයක් තුළ ලබාදෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා එක්ව ඉල්ලීම් කර ඇතත් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ද ඔවුහු කියති.


මධ්‍යම කදුකරයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාවක් ලැබීම හේතුවෙන් මෙම ඉල්ලීම කළ බවද ඔවුහු සදහන් කර සිටියේය. 


නමුත් හුරුලුවැවට මහවැලි ජලය ලබා දීමේදී බෝවතැන්න හැරවුමේ සිට සීගිරිමුල්ලෙන් ආරම්භවන යාන්ඔය දක්වා  ජලය ප්‍රවාහනය කෙරෙන මහවැලි ඇල මාර්ග වලින් ඒ අවට ගොවීන් විසින් හිතුමතේ ජලය පොම්ප කිරීම හේතුවෙන් ප්‍රමාණවත් පරිදි යාන් ඔය ඔස්සේ හුරුළු වැවට ජලය නොලැබෙන බව ගොවීහු  චෝදනා කර සිටිති.
 



අදහස් (0)

හුරුළු වැවට ජලය නොලැබීමෙන් ගොවීහු අසරණ වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 5 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 591 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site