(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
කරාපිටිය රෝහලේ වැසිකිලිය තුළ හෙරෝයින් පානය කරමින් සිටි කාන්තාවක අද (6) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගාල්ල මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පිරිස් මහතා විසින් දැඩි ලෙස අවවාද කර රුපියල් 5000ක දඩයක් නියම කළේය.
මාස හයක් වයසැති තම දරුවාට නිව්මෝනියා රෝගය වැලඳී කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස හෙරොයින් පානය කරමින් සිටි බව පොලිසිය කියයි.
කාන්තා නේවාසිකගාරයේ මව්වරුන් ඇයගේ හැසිරීමේ වෙනස්කම් දුටු හෙයින් ඇය පිළිබදව සෙවිල්ලෙන් සිට පොලිසියට දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd