(ඩී.කේ.රත්න සහ සමන් පාලිත නානායක්කාර)
හපුතලේ කැල්බර්න් වතුයායට ඉහළ රක්ෂිතයේ ඇති වූ හදිසි ගින්නකින් අද (18) සවස එම රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි හපුතලේ පොලීසිය පවසයි.
මෙම ගින්න ඇතිවීමත් සමඟ හපුතලේ පොලීසිය, හපුතලේ නගර සභාව සහ කැල්බර්න් වතුයායේ වතු කම්කරුවන් එක්ව ජනාවාස ප‍්‍රදේශවලට යා නොදී නිවා දමා තිබේ.
කිසියම් පුද්ගලයකු විසින් සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදයට රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - සමන් පාලිත නානායක්කාර)


2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හපුතලේ කැල්බර්න් වතුයායේ ගින්නක්