(නිමල කොඩිතුවක්කු)
දරුවන්ගේ හෘද සැත්කම් සිදු කිරිමට අවශ්‍ය යන්ත‍්‍ර සහ සිලින්ඩර කඩිනමින් ගෙන්වන ලෙසට සෞඛ්‍යය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට නියෝග කර තිබේ.
ඒ අනුව දරුවන්ගේ හෘද රෝග සැත්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය යන්ත‍්‍ර 17 ක් සහ නයිටි‍්‍රක් ඔක්සයිඩ් සිලින්ඩර කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන එන ලෙස අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.
කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහල, කාසල්වීදියේ කාන්තා රෝහල ඇතුළු ළමා රෝග ඒකක ඇති රෝහල් 17 ක මෙම සැත්කම් සිදුකරනු ලැබේ.
හෘද සැත්කම් සිදුකර ගැනීම සඳහා දරුවන් 1000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇත.
කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ දිනකට දරුවන්ගේ හෘද රෝග සැත්කම් 06 ක් සිදු කරනු ලබයි.
හෘද රෝගවලට ගොදුරු වූ දරුවන්ගේ පෙණහළු අක‍්‍රීයවීම පාලනය කිරීම සඳහා නයිටි‍්‍රක් ඔක්සයිඩ් අවශ්‍ය බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කරනු ලැබූ ඉල්ලීමක් මත මෙම පියවර ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෘද සැත්කම් යන්ත්‍ර ගෙන්වන්න’යි රාජිතගෙන් නියෝග