(ඉන්දික අරුණ කුමාර)
නාඋල - පිළිහුඩුගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිට හදිසි රෝගාතුර වීමකින් ඊයේ (06) දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කළ කාන්තාවට කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බව දඹුල්ල මහ රෝහල තහවුරු කර තිබේ.
දඹුල්ල දිස්ත්‍රික් මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක මහතා සඳහන් කළේ මියගිය කාන්තාවගේ රැධිර හා සෙම පටල නිදර් ශක මහනුර මහ රෝහලට යවා පරික්ෂා කළ බවයි.
එහි දි මිය ගිය කාන්තාවට කොරෝනා වෛරසය වැළදී නොමැති බව තහවුරැ වී ඇතැයි හෙතෙම කියා සිටියේය.
මෙසේ මිය ගොස් ඇත්තේ 26/1, පිළිහුඩුගොල්ල ඉහළ - නාඋල ලිපිනයේ පදිංචිව සිටි ආර්.ඒ.පේමාවති (73) නැමති කාන්තාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd