වසන්ත චන්ද්‍රපාල
අම්පාර පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ හැඩඔය ආසන්නයේ කුඹුරු යායකදී හක්ක පටස් කෑමෙන් ඇතින්නියක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
වයස අවුරුදු 30 ක් පමණ වෙන මෙම ඇතින්නගේ උස අඩි 8ක් පමණ වේ.
අම්පාර දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුම බහුලව පවතින දිස්ත්‍රික්කයකි. 2018 වසරේ මේ වන විට අලි මිනිස් ගැටුම නිසා ලාහුගල ප්‍රදේශයේ වන අලීන් අට දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර මිනිස් ජීවිත දෙකක් බිළිගෙන ඇත.
දඩයම්කරුවන් විසින් වන සතුන් දඩයම් කිරිම සඳහා හක්ක පටස් යොදා ගන්නා අතර වන අලින් මෙම හක්ක පටස් ආහාරයට ගැනීමත් සමඟම එය පුපුරා යෑම නිසා අලින්ගේ මුඛයට වෙන බරපතල තුවාල තත්වයන් සමඟ ආහාර ගැනීමට නොහැකිව අලි මිය යන බව අම්පාර වනජීවී පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා පැවසීය.
මේ දිනවල පවතින නියං තත්ත්වය සමඟ වන අලින් ආහාර හිඟයකට මුහුණ පා ඇති අතර ආහාර සොයමින් යන අතරතුර ගම්වැදිමට පටන් ගෙන තිබේ. මේ තත්වය මත අලි මිනිස් ගැටුම වැඩි වි ඇති බවද නිහාල් පුෂ්පකුමාර මහතා පැවසීය.
හක්ක පටස් දමා මෙම ඇතින්නිය ඝාතනය කළ පුද්ගලයින් සෙවීම සඳහා වනජීවි දෙපාර්මේන්තුව සහ පොතුවිල් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හෙණගහන අපරාධ. මිහිපිට වසන දැවැන්තම සත්වයා වගේම දළදා කරඩුව වඩම්මන පරපුරේ සතුන්ට හානිකිරිමට වඩා හානි වැලැක්වීම මනුසත්භවය ලබා සිටින්නවුගේ පරම යුතුකමක්.
මේ අහිංසක ඇතින්න දන බිම ඔබාගෙන හකු පිපිරීමෙන් ගැලූ රුධිරය සමග මියගොස් සිටින දර්ශනය මා කම්පනය කළේය. මොනතරම් වේදනාවක් විදින්නට ඇතිදැයි සිතා ගැනීමටවත් නොහැකිය. කලක් සියලු සතුන් කෙරෙහි දයාවෙන් බැලූ මනුෂ්‍යයින් මේසා වේගයකින් අධාර්මික හා අමනුෂ්‍ය ගති පහල කිරීම ගැන ඇත්තේ මහා වේදනාවකි. අපේ ලක් දෙරණ ඉතා වේගයෙන් වැනසෙමින් යයි. ස්වභාවධර්මයාට අයත් සියල්ල ඉතා කෘර ලෙස වනසමින් යන මේ ගමන අතීශයින්ම භයානකය. මේ අහිංසක ඇතින්න ඉතා ඉක්මනින් තිරිසන් භාවයෙන් මිදී මනුෂ්‍ය ආත්මයක ඉපිදී මේ විෂ ඝෝර සසරින් එතෙර වන්නට ධර්මය අසත්වා...!!!