IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


හිටපු වනජීවී ඇමැතිට තලාවේදී හූ සංග්‍රහයක්

(කුෂාන් ජයවර්ධන)

වන අලි ගැටලුවට ස්ථිර විසඳුමක් ඉල්ලා අනුරාධපුර - පාදෙනිය ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින්  අනුරාධපුර තලාව - ජයගඟ මංසන්ධියේදී  අද (11)  පැවැති විරෝධතාවක් අතරතුර එම ස්ථානයට පැමිණි අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාට විරෝධතාකරුවන්  හූ හඬින් සංග‍්‍රහ කරනු ලැබීය.

තලාව මුදුනේගම, සෝළම, කැලේගම, පහළගම, කුමාර එළිය, කොන්ගොල්ලෑව, ගඟසිරිපුර, නෙලුම්තොට්ටම, නාවක්කුළම ආදී ගම්මාන කීපයක ගොවි ජනතාව පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

තලාව ගඟසිරිපුර ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු පියෙකු පසුගියදා කුඹුරට යම්න් සිටියදී  වන අලි ප‍්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇති අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව තලාව අවට ගම්වාසීන් අද මිනී පෙට්ටියක් හා මල්වඩම් ද රැගෙන වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාකරුවන් විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් විරෝධතාවයේ යෙදී සිටියදී අදාළ ස්ථානයට තලාව ප‍්‍රාදේශීය ලේකම් එන්.එච්.ආර් නිෂාන්ත මහතා හා තඹුත්තේගම ප‍්‍රාදේශීය ලේකම් රේණුකා වන්සේකර මහත්මිය පැමිණ විරෝධතාකරුවන්ගේ ගැටලුව පිළිබඳ විමසා සිටියහ.

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ තලාව හා තඹුත්තේගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට මායිම්ව පිහිටි තම ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගෙන් සිදු වන ගැටලු සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනාම දැනුවත් බවත් රජයේ නිලධාරීන් ලෙස ප‍්‍රාදේශීය ලේකම්වරුන් සිය උපරිමය වන අලි ගැටලඅවට සිදු කර ඇති බැවින් මෙම ගැටලුවට විසදුම් ලබා දීමට දිස්ත‍්‍රික් ලේකම්වරයා විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට කැඳවන ලෙසයි.

වන අලි ගැටලුවට විසදුමක් ලෙස කැලෑ වටකර ගස් හරහා අලි වැටක් ඉදි කළද මෙතෙක් වන අලි ගැටලුවට විසදුමක් නොලැබුණ බවත් වන අලි ගැටලුවට විසදුම් ලෙස රක්ෂිත තුළ වන අලින්ට ආහාර ලෙස අවශ්‍යය දේ වගා කිරීමත් වනජීවි දෙපාර්තමේන්තුව සඳහා ප‍්‍රමාණවත් නිලදාරීන් බඳවා ගන්නා ලෙසත් ඉල්ලමින් ජනාධිපතිතුමන් වෙත සංදේශයක් සකස් කර ඇති බවත්,එය ජනාධිපතිතුමන් වෙත යොමු කරන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

ඒ අතරතුර තලාව නගරය හරහා කොළඹ බලා යමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා විරෝධතාවය දැක සිය වාහනයෙන් බැස විරෝධතාකරුවන් අතරට පැමිණ ගැටලුව විමසා සිටියේය.

ඒ අවස්ථාවේදී ගඟසිරිපුර සත්බෝධි විහාරස්ථාණිධිපති ඉපලව පේ‍්‍රමානන්ද හිමියන් මෙසේ පැවැසූහ.

    ‘‘අපි දේශපාලන අධිකාරිය බලාපොරොත්තු වුණේ නෑ. මෙතනට දේශපාලන අධිකාරියෙන් මෙතෙක් අපිට නිසි විසඳුමක් ලැබිලා නෑ.මෙතන මහජනයාගේ සම්බන්ධීකරණය වන රජයේ නිලධාරී දෙන්නා ඉන්නවා.

ප‍්‍රාදේශීය ලේකම්වරු දෙන්නා හරහා දිස්ත‍්‍රික් මහ ලේකම්තුමන්ට  කතා කළා ඒ දෙන්නා  බාර ගත්තා ඉතා ඉක්මනින් මාස 3 ක් වැනි කෙටි කාලයක් තුළ අලි වැටක් ගහලා අලි එන එක නවත්වලා දෙන්න දිස්ත‍්‍රික් ලේකම්වරයා බාර ගත්තා.

මාස 3 ක තුළ මේ සඳහා විසදුමක් ලබා නොදුන හොත් අලි ප‍්‍රහාරයෙන් මියගිය පුද්ගලයාගේ තුන්මාසේ දානේ අපි දෙන්නේ පාර වහලා මහා සංඝරත්නය වඩම්මලා මේ මහ පාරේ දානය දෙනවා යනුවෙන් උන්වහන්සේ පැවැසූහ.

 

 



අදහස් (0)

හිටපු වනජීවී ඇමැතිට තලාවේදී හූ සංග්‍රහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 272 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 407 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site