IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හැටන් වතු යායක නිවාස පේලියක ගින්නක් නිවාස 4 කට හානි

(රංජිත් රාජපක්ෂ)                 
                                             
හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ මැණික් වත්ත කොටසේ වතු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 4 කට හානසිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
 
වතු නිවාස 20 කින් සමන්විත එම නිවාස පේලියේ (09) දින පස්වරු 1 ට පමණ ගින්න හටගෙන ඇත.
 
පැතිර යමින් තිබු ගින්න වතු කම්කරුවන් එක් වි දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරිමට සමත් වි ඇත.
 
පැතිර ගිය ගින්නෙන් එක් නිවසක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති අතර පැතිර ගිය ගින්න පාලනය කිරිමට යාමේදි තවත් නිවාස තුනකට අර්ධ වශයෙන් හානි සිදු වි තිබේ.
 
ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකෙරේ , ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර ගින්නේ අලාභ හානි වු නිවාස වල පවුල් 4 කට අයත් සමාජිකයන් තාවකාලිව ආරක්ෂිත ස්ථානයක් කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.
 
ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

හැටන් වතු යායක නිවාස පේලියක ගින්නක් නිවාස 4 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site