(පුත්තලම - එච්. චන්දන )
හදිසියේ හමා ගිය සුළඟකින් ආණමඩුව,ආඬිගම ප්‍රදේශයේ නිවාස 07 කට පමණ හානි සිදුවී ඇතැයි පුත්තලම දිස්ත්‍රික් අපදා කළමණාකරණ ඒකකය කියයි.
අද (31) අළුයම 1.00 ට පමණ මෙම තත්ත්වය ඇති වී ඇත.
සුළග හේතුවෙන් ආඩිගම - බුද්ධි දසුන් ගම සහ ගරායක්ගම යන ප්‍රදේශවල පිහිටි නිවාස වලට හානි සිදුවී ඇත.
මෙහිදී කුඩා දරුවෙකුද තුවාල ලබා ඇති අතර, දරුවා ප්‍රතිකාර සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
ගස් කඩැ වැටීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලියද විසන්ධි වී ඇත.
කඩා වැටී ඇති ගස් ඉවත් කිරීම පුත්තලම යුධ හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව සිදු කරන බව වාර්තා වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් ම අපේ කාළගුනෙන් කලින් කියන්න ඇති මද සුළං තත්වයක් ඇතිවීමට පුළුවන් කියලා ...