( ප්‍රින්ස් රත්නායක)
පැවැති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 15 කට පමණ හානි පැමිණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.
පසුගිය දින 3 න තුළ ඇතිවූ අධික සුළං තත්වය හේතුවෙන් නිවාස 15 කට අර්ධ හානි සිදුව ඇති බව ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා පැවසීය.
මද්දෙතලාව, ඕලුගන්තොට,මොරහැල, කරදියමුල්ල, අලුත්නුවර යන ප්‍රදේශවල නිවෙස් මෙලෙස අර්ධ හානි සිදුව ඇත.
බෙල්හුල්ඔය හා පඹහින්න කුඹල්ගම, ගලගම, පුවක්ගහවෙල ආදී ප්‍රදේශයන්ටද ඉතා තදින් සුළං හමන අතර බොහෝ තැන්හි ගස් කඩා වැටීම් ද දැකිය හැකිය.
මෙම තත්වය හේතුවෙන් මෙම ප්‍රදේශවල විටින් විට විදුලිය විසන්ධවීම ද බහුලව සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd