IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සහල් වැඩි මිලට විකිණු තිදෙනෙකුට දඩ

(ජේ.කේ.එල් චාමින්ද)

පාලන මිලට වඩා වැඩිමිලට සහල් අලෙවිකළ ගාල්ල උක්වත්ත ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරිමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

උක්වත්ත ප්‍රදේශයේ සුපිරිවෙළද සැලක් ඇතුළු වෙළදසැල් 05ක් පරික්ෂා කළ බවත් වෙළදසැල් තුනක පාලන මිලට වඩා වැඩිමිලට සහල් අලෙවි කිරිම හා මිල ප්‍රදර්ශනය නොකිරිම සම්බන්දයෙන් එම වෙළදුන්ට එරෙහිව අධිකරණයේ නඩුපැවරිමට කටයුතු කරණ බවද ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

රජයේ පාලන මිල යටතේ කැකුළු සහල් කිලෝවක් රුපියල් 85ට අලෙවි කළ යුතු වුවත් එක් වෙළදසැල් හිමියකු විසින් කැකුළු සහල් කිලෝවක් රුපියල් 100ට අලෙවිකර තිබු බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

ඇතැම් වෙළදසැල් හිමියන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරින් බව හදුනාගෙන මිල ප්‍රදර්ශනය නොකරමින් පාරිභෝගික අධිකාරියේ නිලධාරින්ට පාලන මිලටත් වඩා අඩුවෙන් සහල් අලෙවි කිරිමට සුදානම් වු බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

වැඩිමිලට සහල් අලෙවි කිරිම හා මිල ප්‍රදර්ශන නොකිරිම සම්බන්දව මෙකි වෙළදුන්ට එරෙහිව ඉදිරියේ දි නඩු පැවරිමට නියමිතව ඇත.

ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරින් වන ඉදුනිල් ගමගේ,නුවන් මදුරංග යන මහත්වරු හර්ෂණි ජයවික්‍රම යන නිලධාරිනිය විසින් මෙකි වැටලිම් කරනු ලැබිය.



අදහස් (0)

සහල් වැඩි මිලට විකිණු තිදෙනෙකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site