IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සුසාන භූමියේ ගෝඩා බැරල්

නයිනමඩම චන්දන ප්‍රනාන්දු                                                                             

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත රටපුරා ඊයේ (23) රාත්‍රියේ සිදුකල විශේෂ මෙහෙයුමකට අනුව දන්කොටුව පොලිස් බල ප්‍රදේශයේ මොහොට්ටිමුල්ල  ප්‍රදේශයේ සිදුකල වැටලිමකදී මොහොට්ටිමුල්ල පොදු සුසාන භුමියේ මළ සිරුරක් දමා තිබු කොන්ක්‍රීට් වලක, ගෝඩා බැරල් සඟවා කසිප්පු ජාවාරමක් සිදුකල වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ සහෝදරයෙකු කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.

සැකකරු එම මිනිවලේ තිබු සිරුරු කොටස් ප්ලාස්ටික් උරයක බහා ගොඩට ගෙන පැත්තකින්  ගෝඩා බැරල් කසිප්පු නිපදවීම සඳහා තබා ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය කියයි.                                                              

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි අයෙකි    

කාලයක සිට මෙම සුසාන භූමිය තුල කසිප්පු ජාවාරම කරගෙන ගොස් ඇති බවත් ප්‍රදේශයේ සිදුවන බොහෝ අපචාර සිදුවීම්වලට මෙම පුද්ගලයා සම්බන්ධ බවට තොරතුරු හෙළි වි ඇති බව කරුණු අනාවරණය කරගෙන තිබේ.

එම වලේ තිබි ගෝඩා බැරල් 3 ක් හා නිවසේ තිබි ගෝඩා බැරල් 2 ක් සොයාගත් බවත්, සැකකරුගේ නිවස සුසාන භුමිය මායිමේම පිහිටීම නිසා මෙම ජාවාරම කරගෙන යාමට පහසුවක් වි ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියයි.

දන්කොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවිමෙන් මෙම වැටලීම සිදුකර තිබේ.    



අදහස් (1)

සුසාන භූමියේ ගෝඩා බැරල්

sam Saturday, 24 March 2018 06:58 AM

පොලිසියේ රාජකාරිය මේකයි කියලා මතක් වෙච්ච දවස් වලටවත් (ඊයෙත් එහෙම දවසක් වෙන්න ඇති ) මේවගේ මෙහෙයුම් කලාම කාටද ආඩම්බර ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site