(ජී. ඩබ්ලිව්. කේ. පේ‍්‍රමතිලක ද සිල්වා)
උණවටුන සාම චෛත්‍යය අසළ මුහුදේ ගලක් මත නැගී සෙල්ෆි ගැනීමට යාමේදී මුහුදේ ගසාගෙන ගොස් අතුරුදහන් වූ හමුදා සෙබළාගේ මළ සිරුර අද (18) උණවටුන ජංගල්බීච් වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගත් බව හබරාදුව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ උණවටුන බොනවිස්ටාවේ පදිංචිව සිටි උමගලියගේ බර්නාඞ් තුෂාර නැමැති 35 හැවිරිදි අයෙකි.
මෙම අවස්ථාවට එක්ව සිටි සිව්දෙනාගෙන් කාන්තාවක් රළ පහරට ගසාගෙන ගොස් තිබූ අතර ඇගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී එදින සොයාගනු ලැබිණි.
මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යවා තිබේ.
හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
623
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෙල්ෆි ගැනීමට ගොස් අතුරුදහන් වූ සෙබළාගේ සිරුර සොයාගනී