(ජී. ඩබ්ලිව්. කේ. පේ‍්‍රමතිලක ද සිල්වා)
උණවටුන සාම චෛත්‍යය අසළ මුහුදේ ගලක් මත නැගී සෙල්ෆි ගැනීමට යාමේදී මුහුදේ ගසාගෙන ගොස් අතුරුදහන් වූ හමුදා සෙබළාගේ මළ සිරුර අද (18) උණවටුන ජංගල්බීච් වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගත් බව හබරාදුව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ උණවටුන බොනවිස්ටාවේ පදිංචිව සිටි උමගලියගේ බර්නාඞ් තුෂාර නැමැති 35 හැවිරිදි අයෙකි.
මෙම අවස්ථාවට එක්ව සිටි සිව්දෙනාගෙන් කාන්තාවක් රළ පහරට ගසාගෙන ගොස් තිබූ අතර ඇගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී එදින සොයාගනු ලැබිණි.
මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යවා තිබේ.
හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd