IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


’සිරිකොත ගමට’ ප්‍රවර්ධන වැඩසටහන ඉරිදා

(අංජුල මහික වීරරත්න)
 
එක්සත් ජාතික පක්ෂයේ “සිරිකොත ගමට” සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ඉරිදා (10) දවස පුරා කළුතර දිස්ත්‍රික්කයේ දී පැවැත්වෙන බව එජාප මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.


පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ සියලුම නායකයින් මැති ඇමැතිවරුන් සහ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම පක්‍ෂ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් “සිරිකොත ගමට” වැඩසටහන පැවැත්වේ.

කළුතර දිස්ත්‍රික්කයේ ගමින් ගමට ගොස් පාක්ෂිකයන්ගේ ගැටළු සහ යෝජනා හඳුනාගනිමින් ගැටළු වලට දිය හැකි විසඳුම් ලබා දෙමින් ඉරිදා දවස පුරාම පක්ෂයේ නායකයින් කළුතර පාක්ෂික ජනතාව සමඟ ගත කිරීමට නියමිත බව මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

සිරිකොත ගමට වැඩසටහන් මාලාවේ පලමුවැන්න කළුතරින් ආරම්භ කර පසුව රට පුරා සියලුම දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට නියමිතව ඇතැයිද මහලේකම්වරයා කීය. 

සිරිකොත ගමට සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැන්න අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිති, ලක් වනිතා සංවිධාන, තරුණ පෙරමුණු බල ගන්වමින් නව ජවයකින් පක්ෂය ඉදිරියට ගෙනයාම මෙම වේද සටහනේ මුලික අරමුණ බවද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

’සිරිකොත ගමට’ ප්‍රවර්ධන වැඩසටහන ඉරිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 62 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 364 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site