(විජේරත්න රත්නායක )
හාලිඇල ස්ප්‍රිංවැලි වතුයායේ පාලනාධිකාරියට විරෝධය දක්වමින් එම වතුයායේ වතු කොටස් හතක වතු කම්කරුවන් අද (03) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
එම වතුයායේ වතු පාලනාධිකාරිය මඟින් කම්කරු සුභසාධනය ඇතුළු කම්කරු අවශ්‍යතා සම්බන්ධ රාජකාරි නිසිලෙස ඉටු නොකරන බවට චෝදනා කරමින් වතු අධිකාරිවරයා ඇතුළු පාලනාධිකාරියට විරෝධය දක්වා මොවුහු මෙම වර්ජනයේ නිරතව සිටිති.
මේමලේ, පුදුමලේ, නල්ලමලේ, කෝට්ටගොඩ, නාවෙල, පළමු කොටස හා හත්වන කොටස යන වතු කොටස්වල කම්කරුවෝ මේ සඳහා එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd