දීපාල් ද සිල්වා
සීනිගම දේවාලයේ හිටපු භාරකාරවරයා නැවත එම ධූරයට පත් කිරීමට එරෙහිව අද (13) සීනිගම දේවාලය සුරැකීමේ සංවිධානයේ නිලධාරීන් ඇතුලු පිරිසක් දේවාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
දේව කන්නලව්වක් සිදුකර පොල් ගසා රජයෙන් ඉල්ලා සිටියේ මීට වඩා සුදුසු ගම්වාසියකු භාරකාරධූරයට පත්කරන ලෙසයි.
එම පිරිස කියා සිටියේ හිටපු භාරකාර සරත් දි සෙන්තුවාහන්දි මහතාව නැවත පත්කිරීම ගැන විරෝධය දැක්වීමට ඊයේ දිනයේ බුද්ධ ශාසන ඇමති හමුවූ බවයි. එයින් නිසි පිළිතුරක් නොලැබීම නිසා ඒ සඳහා විරෝධය පලකර පොල් ගසා දේවියන්ට කියා සිටින බවයි.
මේ විරෝධතාවය පිළිබඳව දැන ගැනීමට නව භාරකාර සරත් දි සෙන්තුවාහන්දි මහතාගෙන් අප විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ වසර 5ක ධූරකාලය 2018.03.06 වැනිදා අවසන්වූ පසුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පුරප්පාඩු තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවූ බවත් සම්මුඛ පරීක්ෂනයෙන් වැඩිම ලකුණු ලබා ගත් තමා භාරකාර තනතුරට පත් කිරීමෙන් පසු ඊයේ (12) වැඩ භාරගත් බවයි.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.