ගාසා තීරයේ බෙයිට් හනන්හි බිසාන් සංචාරක ගම්මානයේ ඇති සතුන් වත්තක් රොකට් ප්‍රහාරවලට ලක්වීමෙන් එහි සතුන් දැඩි අනතුරකට පත්ව ඇත. මේ සංචාරක ගම්මානය ඉදිකැර ඇත්තේ 2008 වර්ෂයේ දී හමාස් සංවිධානය විසිනි. උද්‍යානයේ භාරකරු ෆාරිඩ් අල් හිස්සි පවසන්නේ ප්‍රහාරවලින් සතුන් විශාල පිරිසක් මියගොස් ඇති බවයි. ප්‍රහාරවලින් සතුන් රැසක් මියගොස් ඇති අතර මියගිය සතුන්ගේ සිරුරු කූඩුවල කුණු වෙමින් තිබිය දී සතුන් කරකියාගත හැකි දෙයක් නොමැතිව බලා සිටිති. ඇතැම් කූඩු විනාශවීම හේතුවෙන් සතුන් රැසක් එකම කූඩුවක දිවි ගෙවති.
විදෙස් මාධ්‍ය පවසන්නේ මේ සතුන් ගාසා තීරයට ගෙනගොස් ඇත්තේ ද නීත්‍යානුකූල නොවන මාර්ගයකින් බවයි. ඊජිප්තුව හරහා ඉදිකැර ඇති උමං මාර්ග ඔස්සේ මේ සතුන් ගෙනවිත් තිබේ. ෆාරිඩ් පවසන්නේ පසුගිය මාසයක කාලයක් එල්ලවූ ප්‍රහාර හේතුවෙන් සත්වෝද්‍යානය සම්පූර්ණයේන ම විනාශ වී ඇති බවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ සත්තු අනුන්ගේ පව් වලට මැදිවෙලා. (දිල්)
අපේ කව්රු හරි හිටියානම් මරාගෙන මැරෙයි (නදී)