IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සත්ත්ව හම් දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(කුෂාන් ජයවර්ධන)

රුපියල් ලක්ෂ දෙකකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දිවි හම් දෙකක් බවට අනුමාන කෙරෙන සත්ත්ව හම් දෙකක් පොලිස් උපාය දූතයකු යොදවා අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය පවසයි.

කලා වැවේ වැව් බැම්ම මත දී අදාළ දිවිහම් දෙක හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉපලෝගම පොලිස් ස්ථානයේ දූශණ මර්දන අංශයට ලද තොරතුරක් අනුව ඒවා විකීණීමට රැගෙන ආ අවස්ථාවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සිදුකර සැකකරු හා කොටි හම් දෙක අත්අඩංගුවට ගෙන තිබේ.

දිව හම් බවට අනුමාන කෙරෙන එම හම් දෙක මල්ලක බහා ඒ මත එළවලූ අසුරා එළවලූ මල්ලක් ප‍්‍රවාහණය කරන අයුරින් සැකකරු ත‍්‍රී රෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් එක් සත්ව හමක් දිග අඩි හතර හමාරකට ආසන්න වන අතර අත්අඩංගුවට ගෙන ඇති අනෙක් හම දිග අඩි පහක් පමණ වන බවත් රුපියල් ලක්ෂ දෙකකට එම හම යුගල සැකකරු විසින් විකිණීමට සූදානම්කර තිබූ බවත් පොලිසිය කියයි.

 



අදහස් (0)

සත්ත්ව හම් දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site