(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල ඉලුක් සහිත රක්ෂිතයේ අද (10) දහවල් හටගත් ගින්නකින් අක්කර 100 පමණ ගිනිගෙන විනාශ වී ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.
සෙන්ක්ලෙයාර් දිය ඇල්ල ආසන්නයෙන් හට ගත් ගින්න හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය දක්වා පැතිර යාම හේතුවෙන් තලවකැලේ ලිදුල නගර සභාවේ සේවකයන් විසින් පැතිර යමින් තිබූ ගින්න පාලනය කරන ලදී.
රක්ෂිතයේ හටගත් ගින්න ප්‍රධාන මාර්ගය අභියස තිබූ වියළී ගිය මැයි මාර ගසකට ඇවිලීමෙන් එම ගස ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ අවදානමක් තිබූ නිසා එම ගසද එම ස්ථානයෙන් කඩා ඉවත් කිරීමට නගර සභා සේවකයෝ ක්‍රියාකළහ.
මධ්‍යම කඳුකරයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි තලවකැලේ පොලිසිය සැකකරයි.
මේ අතර ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් කොටගල රොසිටා ගොවිපොලේ තෘණ බිමකද අද දහවල් ගින්නනක් හටගෙන තිබේ .
එම ගින්නෙන්ද අක්කර 10 වඩා තෘණබිමේ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව එම ගොවිපොලේ නිලධාරියෙක් පැවසීය.



2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශා. ක්ලෙයාර් රක්ෂිතයේ ගින්නකින් අක්කර 100 ක් විනාශයි