පරාජිතයන් දැන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සින්නක්කර ඔප්පුවකින් ඔවුන්ට පවරා දී ඇති උරුමයක් බවත් එක්සත් ජාතික පක්ෂයේ අපට වත්මන් ජනපතිගේ නායකත්වය පිළිගත හැකිනම් ශ්‍රීලනිපේ නායකත්වයට ජනපති පත්වන විට කුමන්ත්‍රණයක් කරන්නේ ඇයි දැයි සජිත් ප්‍රේමදාස මහතා විමසයි.
තලාව පැවැති උත්සවයකදී ඒ මහතා එසේ පැවසීය.
‘සාමාන්‍ය පංතියෙන් පැමිණි මගේ පියාටත් එවැනිම අභියෝගයක් එල්ල වුණා. අද පවතින යථාර්ථය නොපිළිගෙන මිරිඟුවක් පසුපස දිවීමට තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් මෝඩයන් පිරිසක් නොවේ‘ යැයිද ප්‍රේමදාස මහතා කීවේය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.