( දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පුත්තලම මාර්ගයේ ළිඳවැව දේවාලය අසළදී වාහනයක හැපීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අද(10) උදෑසන මිය ගිය බව නොච්චියාගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අංක 30 කණුව, ළිඳවැව, නොච්චියාගම යන ලිපිනයේ පදිංචිව සිටි පල්ලියගුරුගේ හර්ෂ බුද්ධික(32)නමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
මියගිය පොලිස් කොස්තාපාල්වරයා ඕමන්ත පොලිසියට අනුයුක්තව සේවය කරන්නෙකි. ඔහු සිය සේවාව නිම කර නිවාඩු ලබා නොච්චියාගම නිවසට බස් රථයකින් පැමිණ අද (10) ළිඳවැව දේවාලය අසළින් බැස ඇති බව පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී අනුරාධපුරය දෙසින් පැමිණි වාහනයක ගැටී බරපතල තුවාල ලබා සිටියදී එම ස්ථානයෙන් ගමන්ගත් පුද්ගලයෙකු ඒ බව පොලිසියට දන්වා ඇත. අනතුරුව පොලිස් නිලධාරින් පැමිණ මෙම පොලිස් කොස්තාපල්වරයා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද එහිදී ඔහු මියගිය බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd