IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වැස්සෙන් ගාල්ලේ පුද්ගලයින් 494ක් පීඩාවට

ඩී.ජී.සුගතපාල

දින කිහිපයක සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 146ක සාමාජිකයින් 494 ක් අද(19) වනවිට පිඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

පිඩාවට පත් වැඩිම පිරිසක් වාර්තාවන්නේ ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙනි.

තද සුළං නිසා ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස 48කට අර්ධ හානි සිදුව පුද්ගලයින් 162ක් පීඩාවට පත්ව ඇත.


අකුණු සැර වැදිමෙන් ඉමදුව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර නියාගම සහ හික්කඩුව ප්‍රදේශවල නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇත.

ගාල්ල දිස්ත්‍රික් සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ ඊයේ (18) පෙරවරුවේ සිට නෙළුව සහ තවලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට තද වැසි ලැබෙමින් පැවති බවය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ ආපදාවට පත්ව සිටින පිරිස් වලට අවශ්‍ය සහන සැළසිමට සහ හානිවු නිවාස සඳහා වන්දි ලබා දිමට කඩිනමින් කටයුතු කරන බවය.

මේ වනවිට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 19ටම ආපදා තත්වය බලපා ඇති බවද විශේෂයෙන්ම ගිංගඟ දෙපස පහත්බිම් වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුවත් කර තිබේ.

හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශවල දැනටමත් බෝට්ටු සහ අඟුල් ස්ථාපිත කර ජිවිතාරක්ෂක කණ්ඩාම්ද සූදානමින් තබා තිබෙන බවද දිස්ත්‍රික් ලේකම් සොම්රත්න විදානපතිරණ මහතා වැඩි දුරටත් පැවසිය.

 



අදහස් (0)

වැස්සෙන් ගාල්ලේ පුද්ගලයින් 494ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site