IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැස්සෙන් ගාල්ලේ පුද්ගලයින් 238 ක් පිඩාවට

(ජේ.කේ.එල් චාමින්ද)

අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 33ක පවුල් 63කට අයත් පුද්ගලයින් 238 දෙනෙකු පිඩාවට ලක්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අකුණුසැරවැදිම්, දැඩිසුළං ගස්කඩාගෙන වැටිම් දැඩි වර්ෂාව නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 63කට අර්ධ වශයෙන් හානිවි ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ධාරාණිපතාවර්ෂාවත් සමග අකුණ සැරවැදිමෙන් හා ගස්කඩාගෙන වැටිමෙන් ඉමදුව, බද්දේගම හා කරන්දෙණිය ගොනපිනුවල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල නිවාස 25කට අර්ධවශයෙන් හානිවි ඇති බවද ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අකුණුසැර වැදිමෙන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා රොහල් ගතකර ඇත.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දැඩි සුළං තත්වයක් හේතුවෙන් ග්‍රාම නිලධාරිවසම් තුනක් නිවාස 21කට පමණ අර්ධවශයෙන් හානිවි ඇති අතර එම නිවාසවල පදිංචි පවුල් 21කට අයත් පුද්ගලයින් 96 දෙනෙකු පිඩාවට ලක්වඇති බවද ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

හබරාදුව අම්බලන්ගොඩ යක්කලමුල්ල නියාගම, හික්කඩුව බෝපේ පොද්දල යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවල නිවාස කිහිපයකටද දැඩි වර්ෂාව හේතුවෙන් අර්ධ වශයෙන් හානිවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
 



අදහස් (0)

වැස්සෙන් ගාල්ලේ පුද්ගලයින් 238 ක් පිඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site