(රංජිත් රාජපක්ෂ)
මධ්‍යයම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවවල අද (19) උදැසන ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පවුල් 80 කට ආසන්න පිරිසක් අවතැන් වි ඇති බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවිනි සිතාරා ගමගේ මහත්මිය පැවසුවාය.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සහ දියගල යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කදු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත.
එම මාර්ගයට කඩා වැටුණු පස් කදු කිහිපයක් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් ඉවත් කර ඇති අතර , වටවල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කදු සහ ගල් ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා යුධ හමුදාව ,වටවල පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක් ව සිදු කරනු ලබයි.
මේ අතර හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසින හැටන් ඔය පිටාර ගැලිමෙන් වටවල නගරය පිටුපස නිවාස 25 ක් පමණ ජලයෙන් යට වි ඇත.
මිට ප්‍රථමද අවස්තා කිහිපයකදි එම නිවාස ජලයෙන් යට විම නිසා හැටන් ඔය කපා පුළුල් කිරිමේ කටයුතු සිදු කලද එය නිසි ලෙස සිදු නොකර ඇති බවත්, පෞද්ගලික ජල විදුලි බලාගාරයකට ජලය ලබා ගැනිම සදහා හැටන් ඔය හරස් කර ඉදි කර ඇති වේල්ලක් හේතුවෙන් හැටන් ඔයේ ජලය රිසි සේ පහලට ගලා නොබැසිම හේතුවෙන් තමන් නිවාස ජලයෙන් යටවන බවයි පිඩාවට පත් ජනතාව පවසයි



2025 නොවැම්බර් මස 21
185
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1134
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වැස්සෙන් ගිනිගත්හේනේ පවුල් 80 ක් අවතැන්