රොමේෂ් මධුෂංඛ
යුද සමයේ දී සහ යුද්ධයෙන් පසුව ජාතික ආරක්ෂාව වෙනුවෙන් මන්නාරමේ වසර 28 ක් පුරාවට යුද හමුදාව රැඳී සිටි සමූපකාර ගොඩනැගිල්ලක් අද (5) මන්නාරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතට බාර දීමට පියවර ගන්නා ලදී.
මන්නාරම් නගරයේ පිහිටි අදාළ සමූපාකාර ගොඩනැගිල්ලේ පසුගිය වසර 28 පුරාවටම රැඳී සිට සාමාන්‍ය වැසියන් වෙනුවෙන් යුද සමයේ දී හා යුද්ධයෙන් පසුව ද අවශ්‍ය ආරක්ෂාව එහි රැඳී සිටි යුද හමුදා නිලධාරීන් විසින් සැපයීමට පියවර ගෙන තිබිණි.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා උතුරේ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබුණේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් දෙසැම්බර් 31 වැනි දා පෙර ලබා දීමට අවධානය යොමු කරවන ලෙස එම නිවේදනයට අනුව මන්නාරම් පැරණි සමූපාකාර ගොඩනැගිල්ල තුළ සිටි 54 වැනි සේනාංකාධිපති තුමන්ගේ ද අධීක්ෂණයන් පරිදි එහි නිලධාරීන් විසින් යුද හමුදා සෙබළුන් ඉවත් කිරීමට පියවර ගැනීමෙන් පසුව එම ගොඩනැගිල්ල සහ භූමිය මන්නාරම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙතට බාරදීම සිදු විය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වසර 28 කට පසු යුද හමුදා ගොඩනැගිල්ලක් බාර දෙයි