(ප්‍රසාද් මුතුකඩ)
සවුදි අරාබියේ දී මිය ගොස් වසර දෙක හමාරකට පසු එවන ලද නරක් වූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් මහතා ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන්නේය.
මෙලෙස මිය ගොස් ඇත්තේ ඇමස්ට් වත්ත, උඩුපුස්ලෑව පදිංචිව සිටි සන්නාසි සුප්පයියා වල්ලි අම්මා ( 56) දෙදරු මවකි. ඇය වසර 23ක් සෞදියේ සේවය කර ඇත.
1995 වසරේදි හාලි ඇල දික්වල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතයෙකුගේ මාර්ගයෙන් සවුදි අරාබියට ගොස් ඇති මෙම කාන්තාව 2015 දෙසැම්බර් 12 වැනි දා එරටදී මිය ගොස් ඇති බවට ලද තොරතුරකට අනුව ඇගේ පුතෙකු වන නඩරාජා එල්වන් (36) විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබිණි.
සවුදි අරාබියේ දමාම්හි ගෘහ සේවිකාවක ලෙස සේවයේ නියුතුව සිටියදී මිය ගිය කාන්තාවගේ සිරුර වසර දෙකහමාරකට පසු ඊයේ ඊ.වයි 264 දරණ ගුවන් යානයෙන් කටුනායකට එවා ඇත.
ගුවන්තොටුපොළ පොලිසියේ දැනුම් දීම අනුව අධිකරණ වෛද්‍යවරයා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර සිරුර අධික ලෙස විනාශ වී ඇති හෙයින් මේ තම මවමදැයි සොයා බැලීමට ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කළ යුතු බව ඇගේ දරුවා ඇතුළු ඥාතීහු ඉල්ලා සිටියහ.
2025 දෙසැම්බර් මස 30
74
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වසර දෙකකට පසු සවුදියෙන් එවූ සිරුර ගැන විවෘත තීන්දුවක්