( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආණමඩුව පැරණි ගම්උදා භුමියේ නිවසක වැසිකිළියක් කපන මුවාවෙන් නිදන් කැණිමේ යෙදි සිටි සිව් දෙනෙකු නිදන් කැණිම සදහා යොදා ගත් උපකරණ තොගයක් සමඟ (29 ) අලුයම අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ නිදන් කැණිමේ නිරතව සිටි නිවෙස් හිමිකාරියගේ පුත්‍රයා සහ තවත් තිදෙනෙකු බව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අදාල නිවසේ අඩි 10 ක් පමණ ගැඹුරට අඩි තුනකට ආසන්න පලලින් යුත් වළක් හරමින් සිට ඇති බව කියයි.
නවගත්තේගම පොලිසියට ලැබුන තොරතුරක් මත අදාල වැටලිම සිදුකරන අවස්ථවේ නිදන් කැණිම් කටයුතු වල අදාල සැකකරුවන් නිරත වි සිටි බවද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින නිවෙස් හිමිකාරියගේ පුත්‍රයා වසරකට පෙර ආණමඩුව නගරයේ මදිනා නැමති හෝටලයට පෙට්‍රල් බෝම්බ ගසා ගිනි තැබිමේ සිද්දියේ ප්‍රධාන සැකකරු බවද නවගත්තේගම පොලිසිය සනාථ කරගෙන ඇති බව කියයි.
නිදන් කැණිමට යොදාගත් ගැනුන ගල් විදින යන්ත්‍රයන් ,උදළු , යකඩ ඉනි , බාල්දි , තාච්චි, සමග පුජාවන් සදහා යොදා ගත් බව කියන පළතුරු ,රස කැවිලි, බුලත් , මල් , සුවද කුඩු , හදුන්කුරු ඇතුළු බෝහෝ දෑ තිබු බව කියයි.



2025 දෙසැම්බර් මස 18
261
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැසිකිළි වළක් කපන මුවාවෙන් නිධන් හෑරූ 4ක් අත්අඩංගුවට