(ඔගස්ටින් ප්‍රනාන්දු සහ ලලිත් නවරත්න)
ආඩිගම නාගවිල වැව අසල දී අද (21) අලුයම වල් අලි ප්‍රහාරයකට ලක්වූ 65 හැවිරදි පුද්ගලයකු එම ස්ථානයේ දී මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පල්ලම ආඩිගම නාගවිල වැව් රක්ෂිතයේ විසු එච්.එම්.ගාමිණි විජේවර්ධන (65 ) නැමැත්තෙකි.
මිය ගිය අය වැව් රක්ෂිතයේ පැලක් අටවා ගෙන එහි තනිවම වාසය කළ බවත් කුලියක් කර ලැබූ ආදායමින් ජීවත් වී තිබේ.
වල් අලියා මිය අය සිය හොඩවැලෙන් අල්ලා ඔසවා විසි කිරිමෙන් බරපතල ලෙස තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පල්ලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd