(ක.ග.කරුණාරත්න සහ නිමල් ජයරත්න)
වැලිකන්ද, අසේලපුර ප‍්‍රදේශයේ තිබී වනඅලියෙකුගේ මළසිරුරක් අද(13) හමු වූ බව වැලිකන්ද පොලීසිය කියයි.
අසේලපුර ගම්මානයට පිවිසෙන මාර්ගයේ පිට්ටනියක මළ සිරුර තිබී හමුවී ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 15ක් පමණ වයසැති, අඩි 8 කට වඩා උස පිරිමි සතෙකු බවත් වන ජීවී නිලධාරීහු කීහ.
අලියාගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ බව සෙවීමට පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
වැලිකන්ද පොලීසිය සහ වනජීවී කාර්යාලය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.


(ඡායාරූප - ක.ග.කරුණාරත්න)


(ඡායාරූප - නිමල් ජයරත්න)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.