(අනීෂා මානගේ)
සංගීත සංදර්ශනයක් පැවැත්වීම සඳහා වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණය පසුගිය 28,29,30 සහ අද (01) දින පෞද්ගලික ආයතනයක් විසින් වීරකැටිය ප්‍රාදේශීය සභාව සමඟ ගිවිසුම්ගතව ලබාගෙන ඇත.
ක්‍රීඩාංගණයට හානි කිරීම සහ ක්‍රීඩාංගණය තුළට වාහන ඇතුළු කිරීම තහනම් බව අදාල ගිවිසුමේ ඇතුළත්ව තිබූ බවත් පෞද්ගලික ආයතනය එම කොන්දේසි කඩ කර ඇති බවත් සභාපති පියසේන ලියනාරච්චි මහතා පැවසීය.
ගිවිසුමට අදාල කොන්දේසි කඩ කිරීම හේතුවෙන් පෞද්ගලික ආයතනයේ කළමනාකරුවකු සතු මෝටර් රථයක් ඇපයට තබාගෙන ක්‍රීඩාංගණයේ සිරකර තැබූ වාහන සියල්ල අද (01) නිදහස් කළ බව සභාපතිවරයා කීය.
මේ හේතුවෙන් සභාවට රුපියල් අට ලක්ෂ හතළිස්දහසක පාඩුවක් සිදුව තිබීම නිසා එම පාඩුව ලබාදෙන තෙක් සැනකෙළිය සඳහා පැමිණි ලොරි රථ නවයක් සහ මෝටර් රථයක් ක්‍රීඩාංගණය තුළ තිබියදී ක්‍රීඩාංගණයේ සියලුම ගේට්ටු අඟුලු දැමීමට සභාපතිවරයා ඇතුළු පිරිස ක්‍රියාකර තිබිණි.
කෙසේ වුවද එම ආයතනයේ වීරකැටිය ප්‍රදේශය භාර කළමනාකරුගේ මෝටර් රථය සහ එම රථයේ ගමන් බලපත්‍ර වීරකැටිය ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවන තුරු ඇප ලෙස ලබා දීමෙන් පසු ක්‍රීඩාංගණය තුළ සිරවූ වාහන සියල්ල නිදහස් කිරීමට සභාපතිවරයා පියවර ගත්තේය.



2025 දෙසැම්බර් මස 18
693
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීරකැටිය ක්‍රීඩාංගණය තුළ සිරකරගත් වාහන නිදහස් කරයි