(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව කඳුරුවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේදී අද (24) රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටු හතරක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා දෙහිඅත්තකණ්ඩිය සිරිපුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු බව බව අනාවරණය වී ඇත.
සැකකරු බස් නැවතුම්පොළෝ පිහිටි පලතුරු වෙළඳසැලකින් පලතුරු මිලදී ගෙන ඒ සඳහා මුදල් ගෙවීම කළ රුපියල් 1000 නෝට්ටුව පිළිබඳව පලතුරු වෙළෙන්දාට සැක සිතී ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබේ.
පසුව පොලිසිය පැමිණ සැකකරු පරීක්ෂාවට ලක් කිරීමේදී එවැනි ව්‍යාජ මුදල් නෝට්ටු 04 ක් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන් කොළඹ ප්‍රදේශයේ පිහිටි ඉදිකිරීම් ආයතනයක රැකියාව කරන බවත් කොළඹදී වෙළෙඳසලකින් බඩු මිලදී ගෙන මුදල් මාරු කළ අවස්ථාවේදී ඉතිරි මුදල් ලෙස තමන්ට මේ රුපියල් 1000 මුදල් නෝට්ටු ලැබුණු බවත්ය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.