(හාලිඇල- විජේරත්න රත්නායක)
ව්‍යාජ මැණික් ගල් 05ක් වංචනික ලෙස අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් දෙදෙනෙකු සෙනසුරාදා (11) රාත්‍රියේ ඇල්ල ඌව කරඳගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඌව කරඳගොල්ල සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් හා අවුරුදු 69 ක් වන පුද්ගලයින්දෙදෙනෙකි.
මොවුන් මෙම ව්‍යාජ මැණික් ගල් රුපියල් ලක්ෂ 03 ක මුදලකට වැලිමඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කිරීමට සූදානම්ව සිටියදී පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් මෙම මැණික් ගල් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් හා භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අලගියවන්න මහතාගේ උපදෙස් මත ඇල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ව්‍යාජ මැණික් විකිණීමට ගිය දෙදෙනෙක් පොලිස් දැලේ