(චන්දන ප‍්‍රනාන්දු )
වෙන්නප්පුව වැව පාරේ නිවසක නීති විරෝධි ආකාරයෙන් පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක තිබු මරන ලද හරකෙකුගේ මස් තොගයක් හා එහි සිටි දෙදෙනෙකු අද (10) උදෑසන සැකපිට අත් අඩංගුවට ගත්බව හලාවත පොලිස් කොට්ඨාස දුෂණ මර්ධන එකකය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 63 හා 42 හැවිරිදි දෙදෙනෙකි .
පොලිස් කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිළධාරින්ට ලැබුණ තොරතුරක් මත මෙම අනවසර ගව ඝාතකාගාරය වැටලිමේදි එහි මරන ලද ගවමස් කිලෝ 148 ක පමණ ප‍්‍රමාණයක් හා ඒ සඳහා යොදාගත් ආයුධ කීපයක්ද සොයාගත් බව පොලිසිය කීය.
කාලයක සිට මෙය පවත්වාගෙන යන බවත් මහජනයාගෙන් ලැබුණු පැමිණිලි මත මෙම වැටලීම සිදුකළ බව එම ඒකකය කීය.
සැකකකරුවන් හා මස් තොගය අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වෙන්නප්පුව පොලිසියට බාර දි තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd