(රන්න චන්ද්‍රසේන ගමගේ)
‘‘වෙනත් පක්ෂයක වලිගයක් වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නෑ. පක්ෂයේ අනන්‍යතාවය තබාගෙන මැතිවරණ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු විය යුතු බවට පක්ෂය තුළ මතයක් තිබෙනවා.
නමුත් ඒසේ එකතු විය යුතු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානියක් නොවෙන ලෙසින් බව ශ්‍රී.ල.නි.පක්ෂයේ මතය‘‘ යැයි කෘෂිකාර්මාන්ත සංවර්ධන හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (09) හුංගම ප්‍රදේශයේ පැවති මහජන හමුවකදී පැවසීය.
හුංගම තුඩුව නව සේවා පියස විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය. ‘‘අපි ආණ්ඩුවේ ඉන්න කොට අපේම අය කිව්වා අපි එ.ජා.ප.ය ට යාවි කියා. නමුත් මේ වන කොට ඒ අය එ.ජා.ප යට වාසි ගෙනෙන විදියට ප්‍රකාශ නිකුත් කරනවා. පොදුජන පෙරමුණත් ශ්‍රීලනිපයත් එකතු වීමෙන් තොරව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් කමක් නෑ. පොදුජන පෙරමුණ වටා එකතු වී සිටින්නේ ශ්‍රීලනිප පාක්ෂිකයන් පමණයි. ඔවුන්ට වෙන ඡන්ද ඇතැයි කියා මම සිතන්නේ නෑ. ඒ බව අවබෝධ කර නොගත් සමහරුන් එජාප ට වාසි ගෙන දෙන විධියට කටයුතු කරනවා. මෙහෙම කටයුතු කරන බොහෝ අය අළුතෙන් දේශපාලනයට ආපු අත්දැකීම් අඩු අයයි. ඔවුන් ආණ්ඩුවක සිහින දකින්නේ 2025 හෝ 2030 දී. ඒ ඔවුන් සතුව වෙනම න්‍යාය පත්‍ර තිබෙන නිසායි‘‘ යනුවෙන් ඔහු මෙහිදී සඳහන් කළේය.
‘‘අපේ මන්ත්‍රීවරුන් 27 දෙනා ඉදිරි සති කිහිපය තුළදී සාකච්ඡා කර... එකතු වෙන්නේ කොහොමද? මොන පදනමකින්ද කියා තීරණයකට එනවා. අපෙන් සමහරු අහනවා ඇයි මහනුවර රැස්වීමට ගියේ නැත්තේ කියලා...? රැස්වීම් ඉදිරියේදීත් තියේවි. ඒවාට අපිට සහභාගි වෙන්න බැරිකමක් නෑ. නමුත් එකතු වෙන්නේ මොන වැඩ පිළිවෙල යටතේද කියා තීරණයකට ආ යුතු යැයි අපි විශ්වාසකරනවා...‘‘ යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙනත් පක්ෂයක වලිගයක් වෙන්න අපි සූදානම් නෑ
sam Saturday, 09 March 2019 09:20 AM
එක්කෝ එළුවාගේ බෙල්ල කපලා මුට්ටිය බේරා ගන්න ඕනෑ. එහෙම නැතිනම් මුට්ටිය බිඳලා ඔලුව බේරා ගන්න ඕනෑ. දැන් වෙන්නේ බෙල්ල කපලා එළුවා මරලා, ඊට පස්සේ මුට්ටිය බිඳලා ඔලුව එලියට ගන්නවා වගේ වැඩක්.
රවින් Saturday, 09 March 2019 09:45 AM
ඔය කියන කරන දේවලින් තත්වය පැහැදිලි නැති නිසයි අහන්න. ඇත්තෙන්ම දැන් ශ්‍රී නි ප ඉන්නේ කොතනද?