(ක.ග.කරුණාරත්න)
තම ගම්මානවලට දිගින් දිගටම එල්ලවන වනඅලි කරදර නැවැත්වීම සඳහා නොපමාව පියවර ගන්නැයි බලකරමින් ඇළහැර මහගොවිජනපදයේ ගම්මාන 4ක ජනතාව අද (09) බකමූණ නගරයේ උද්ඝෝෂණයක නිරත වූහ.
නිකපිටිය, සෑගල, සරුබිම, බටුහේන යන ගම්මානවලට අයත් 200 ක පමණ පිරිසක් ඊට එක්ව සිටියහ.
ඔවුන් බකමූණ –දඹුල්ල ප්රධාන මාර්ගයටපැමිණ එය අවහිර කරමින් විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයටද බාධා එල්ලවිය.
බලධාරීන් පැමිණ මෙයට විසදුමක් ලබාදෙන බවට පොරොන්දු වනතුරු තමන් මෙම විරෝධතාව දිගින් දිගටම පවත්වාගෙන යන බවද ඔවුහු කීහ.



COMMENTS
වන අලි තමන්ගේ දුක කියන්න එනවා එතකොට ඒක අලි මිනිස් ගැටුම කියලා කියනවා.
වන අලින් මිනිසුන්ගෙන් වෙන කරදරවලට විසඳුම් ඉල්ලා ගම් වදිති.