(රන්ජන් කස්තුරි)
අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීම නොසලකා තවමත් රජයේ පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා දෙමාපියන් කැඳවීමට විදුහල්පතිවරුන් කටයුතු කරන බව වාර්තා වේ.
පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් තවදුරටත් දෙමාපියන් කැඳවීම අවශ්‍ය නොවන බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ආධ්‍යාපන බලධාරීන් වෙත ඉකුත් දා චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.
එහෙත් ඇතැම් පාසල් ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය නොලැබී තිබෙන හෙයින් කලින් සැලසුම් කරගත් ආරක්ෂක වැඩපිළිවෙළ එලෙස ක්‍රියාත්මක කිරීමට ඔවුහු කටයුතු කරමින් සිටිති.
දිවයිනේ පාසල් බොහොමයක ආරක්ෂක කටයුතු වෙනුවෙන් අද(12) දිනයේද දෙමාපියන් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව ජනතාවගේ - දරුවන්ගේ ආරක්ෂාව පැත්තක තියලා ඡන්ද ගොඩ දිහා බලාගෙන වැඩ කරනවා. කිසියම් හෝ දෙයක් පාසලක සිද්ධ වුනොත් ඒකට විදුහල්පති ඇතුලු ආචාර්ය මණ්ඩලය වග කිව යුතුයි කියල කිවුවෙත් ඔයා තමා.
මේක දැවෙන ප්‍රශ්නයක් කරගන්න එපා. දෙමවුපියන් කැමතිනම් ඒ කටයුතු කරගෙන ගියාට රජයටවත් ජනතාවටවත් ගැටලුවක් නැහැනේ.