IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වෛද්‍යවරයා ඉවත් කරන්න යි ගැමියෝ පාරට බසිති

 

(කාංචන කුමාර ආරියදාස)

සීගිරිය ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරීවරයා ඉවත් කරන්නැයි පවසමින් ප්‍රදේශවාසීහු  රෝහල ඉදිරිපිට විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් අද ( 22)  විරෝධතාවයක නිරත වුහ.

රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා  රෝගීන්ට දැඩි ලෙස බැන වදින බවත්, රෝගීන් නිසි පරීක්ෂාවකින්  තොරව ප්‍රතිකාර කටයුතු සිදු කරන බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ජනතාව විරෝධතා පවත්වමින් නඟන චෝදනා පිළිබඳව සිගිරිය  ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය  ප්‍රසන්න බස්නායක මහතාගෙන් විමසීමේදී වෛද්‍යවරයා පැවසුයේ  තමන් වසර කිහිපයක සිට මෙම රෝහලේ සේවා කටයුතු සිදුකරන බවත්  රෝගීන්ට ඉතාමත් හොඳින් ප්‍රතිකාර කටයුතු සිදු කරන බවත්ය.

එමෙන්ම රෝහලෙන් තමාට ඉවත්වන ලෙස ජනතාව නොව ආයතන ප්‍රධානියෙක් දැනුම් දෙන්නේ නම් ඉවත්ව යන බව ද සඳහන් කළේය. එමෙන්ම තමන්ගෙන් සායනවලදී  ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන සියලු දෙනාගේම සෞඛ්‍ය මට්ටම මේ වන විට හොඳ තත්ත්වයකට ගෙනැවිත් තිබෙන බවද සඳහන් කළේය. 



අදහස් (3)

වෛද්‍යවරයා ඉවත් කරන්න යි ගැමියෝ පාරට බසිති

Namal Thursday, 22 March 2018 09:20 AM

පැමිණිලි කරලා පරීක්ෂණයක් කරන්න ඉල්ලන්නේ නැතුව පාරට බහින එක හරිද ? කවුද මේවා කරවන්නේ ? ඇයි ? බැනපු මිනිස්සු පැමිණිලි කරන්න...

:       0       0

naradha Thursday, 22 March 2018 10:30 AM

රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්හට වෛද්‍යවරු සහ අනිකුත් සාත්තු සේවකයින් ගොරවන ආකාරය මා දැක තිබෙනවා. කෙනෙක් රෝගීව, දුර්වල තත්වයෙන් රෝහලකට පැමිණි විට, මේ අය සිතාගෙන ඉන්නේ රෝගීන් ඔව්න්ගෙන් පුද්ගලික උපකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණියා යයි කියායි. මීට ප්‍රධාන හේතුව හැටියට මා දකින්නේ රෝහල් සේවකින්ගේ තිබෙන පුහු මානය සහ ඔවුන් නැතිවම බැරි සේවකයින් කොටසක් යයි සිතා සිටීමයි. මේ රෝහල් සේවකයින්ගේ වැටුප්, අනිකුත් දීමනා සහ සියලු රජයේ රෝහල් මහජන බදු මුදලින් නඩත්තු වන බව ඔවුන්ට දැන්විය යුතුයි.

:       0       0

ප්‍රීති Thursday, 22 March 2018 11:49 AM

ඕක ඉතින් ඔතන නෙමේ, ලංකාවේ කුමන රෝහලකින් නොමිලේ බෙහෙත් ගන්න ගියත්, තත්වය ඔහොම තමයි. මුදල් ගෙවලා කරන බෙහෙතක් කර ගන්න. එතකොට දොස්තරලා විතරක් නෙමේ, නර්ස්ලත් හොඳට සලකයි. ඔය දොස්තරලගේ මහලොකු සමාජවාදේ තියෙන්නේ කැම්පස් යන කාලේ මහපාරට විතරයි. අනික, ඕක ඉතින් මේ රටේ දොස්තරලගේ විතරක් තියන වරද්දකුත් නෙමේ, යම්කිසි තත්වයක්, තනතුරක් ලැබුනම, ඔලුව ඉදිමෙන එක, මේ රටේ මිනිස්සුන්ගේ ජානවල තිබෙන වැරද්දක්???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site