(ඩී.කේ.රත්න)
මල්වත්ත වැවිලි සමාගමට අයත් වැලිමඩ ඩයරබා වතුයායේ වතුකම්කරුවන් පිරිසක් අද (1) සිට වැඩ වර්ජනයක නිරත වී සිටිති.
මෙම වතුයායේ සේවයේ නියුතුව සිටි වතු අධිකාරිවරයා වෙනත් වතුයායකට මාරු කර යවා මෙම වතුයායේ වැඩ බැලීම සඳහා ඇටම්පිටිය වතුයායේ වතු අධිකාරිවරයා මාරුකර එවා ඇති අතර එයට විරෝධය පා වතුකම්කරුවන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.
මෙම වතුයායේ වතු කම්කරුවන් 325 දෙනෙකු සේවයේ නියුතුව සිටින අතර මෙම වතු කම්කරුවන් සියලූ දෙනාම වැඩ වර්ජනයට එක්වී ඇත.
මෙම වතුයායේ වතු අධිකාරිවරයා ලෙස සේවයේ නියුතුව සිටි වතු අධිකාරිවරයා නැවත පත් කරන තුරුම මෙම වැඩ වර්ජනයේ නිරත වී ඇතැයි ඩයරබා වතුයායේ වතු කම්කරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd