(පාලිත ආරියවංශ)
හාලිඇල - බදුල්ල සීමාමායිමෙහි පිහිටි වටලුගොඩ අමුණේ තිබී අද (13) පුද්ගල මළ සිරුරක් හමුවූ බව හාලිඇල පොලිසිය කියයි.
මළ සිරුර පස්සර බිබිලේගම පදිංචි ඩී. එම්. ගුණපාල නැමති 71 හැවිරිදි පුද්ගලයෙකුගේ බවට හඳුනාගත් බව හාලිඇල පොලිසිය පවසයි.
ඔහු අමතකවීමේ රෝගයක් හේතුවෙන් බදුල්ල මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බවත් මීට දින 10 කට පමණ ඉහතදී අතුරුදන්ව සිට ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
හාලිඇල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd