IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලන්ඩනයේ තවමත් අවුරුදු

ලන්ඩන් නුවර "කින්ග්ස්බරි බක්මහ උළෙල" මෙවරත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික සහ සුභ සාධක පදනම මඟින් සංවිධානය කෙරුන එම උත්සවය මෙවරද පැවතුනේ ලන්ඩන් නුවර "හැරෝ ලෙෂර් සෙන්ටර්" සහ එයට යාබද ක්‍රීඩා පිටියේදීය.

උත්සවය ආරම්භ කෙරුනේ ක්‍රීඩා පිටියේයේදී චරිත්‍රානුකූලව කිරි ඉතිරවීමෙන් සහ ජාතික කොඩිය එසවීමෙනි. පසෙකින් රබන් වාදනය කෙරුන අතර සද්ධාතිස්ස දහම් පාසලේ දරු දැරියන් ගුරුවරුන් සහ දෙමාපියන් ජාතික ගීය ගායනා කරද්දී ශ්‍රී ලංකා ජාතික කොඩිය එසවූයේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් සහභාගිවූ ඩී.ඩී.යෝගනාදන් විසිනි. සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්තානාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් ඇතුළු මහා සංඝ රත්නය, බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහා කොමසාරිස් චන්ද්‍රා මොනරාවල, මහකොමසාරිස් කාර්යයාලයේ මනෝජ් වර්ණපාල ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වුහ.

උදේ 10 ට ආරම්භ කැරුන උත්සවය සඳහා සම්ප්‍රදායික සිංහල අවුරුදු ක්‍රීඩා සියල්ලක්ම වාගේ ඇතුලත් විය. ඒ අතර කණා මුට්ටි බිඳීම, බනිස් කෑම, විකට ඇඳුම් තරගය, ලිස්සන ගහේ නැඟීම, කොට්ට පොර, අලියාට ඇස තැබීම, පොල් ගෑම, පොල් අතු විවීම, කඹ ඇදීම, ගෝනි රේස්  මෙන්ම අනෙකුත් තරඟයන්ද බොහෝදෙනාගේ ආකර්ෂණය ඇදගැනීමට සමත්වු බවක් පෙනෙන්නට තිබුණි. 

දහවල් 2 කේසිට ප්‍රධානා ශාලාවේදී අලංකාර සංස්කෘතික සංදර්ශනයක් පැවැත්විණි. සද්ධාතිස්ස දහම් පාසලේ දරු දැරියන් සහ නර්තන පන්තිවල ශිල්පීන් ඉදිරිපත් කළ එම සංදර්ශනය අධ්‍යක්ෂණය කලේ ශ්‍රී ලංකාවේ සිට පැමිණි මහාචාර්ය මුදුයන්සේ දිසානායක විසිනි. ලන්ඩන් නුවර ප්‍රවීණ නාට්‍යාචාරි යුවලක් වන ඒ.පී.අත්තනායක සහ රසිකා අත්තනායක ඔහුට සහය වුහ.

වැඩ බලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් සුගීශ්වර ගුණරත්න, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන ගරාත් තෝමස්, බොබ් බ්ලක්මන්, බැරී ගාර්ඩිනර්, මැතිව් ඔෆ්ඵර්ඩ් උත්සව සභාව අමතා අදහස් පල කළහ. හැරෝ නාගරික මන්ත්‍රිනී කරිමා මරික්කාර් සිංහල, දෙමල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සභාව ඇමතීම විශේෂත්වයක් විය.

හැරෝ සහ බ්‍රෙන්ට් නඟරාධිපති වරුන් සහ නාගරික මන්ත්‍රීන්ද ආරාධිත අමුත්තන් අතර වුහ.

සංස්කෘතික සංදර්ශනයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයින් වන චන්දන කුමාර කන්දනාරච්චි සහ උපාලි කන්නන්ගර ඉදිරිපත්කල සංගීත සංදර්ශනයක් පැවැත්වුනි. ලන්ඩනයේ සුප්‍රකට මංජුල මුණසිංහ ප්‍රධාන "ස්කයි හයි" සංගීත කණ්ඩායම ඒ සඳහා සංගීතය සැපයීය.

දවස පුරාවටම පැවති උත්සවය සඳහා සහභාගිවූ දහස් ගණනක පිරිස සඳහා ශ්‍රී ලාංකික ආහාර පාන ලබාදීම සඳහා අවස්තාව සපයා තිබිණි.

මෙවර බක්මහ උළෙල සාර්ථක කරගැනීම උදෙසා අනෙක ප්‍රමානයෙන් විවිධ අංශයන්ගෙන් උදව් උපකාර කල සියලුම දෙනාට පියදස්සි හිමියෝ ස්තුති කළහ.

2(1) 8 9-(1) 16 25-(1) 33-(1) 34 40 46 58 61 83 88 89 92 93



අදහස් (0)

ලන්ඩනයේ තවමත් අවුරුදු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site