IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ලෙඩ නිවාඩු නිසා සබරගමුවේ පාසල් 1,114ක කටයුතු අඩාලයි

(අජිත්ලාල් ශාන්තඋදය)
 
රජයේ පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු අද(13) අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් සබරගමු පළාතේ පාසල් 1,114ක අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් අඩාලව ඇති බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.
 
සබරගමුවේ 98%ක් ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තාකර තිබූ බවද ඔවුහු කීහ.
 
පාසල් බොහෝමයක දරුවන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩු බව මව්පියෝ පැවසූහ. බොහෝ පාසල්වල ගුරුවරුන් පෙර දිනයේ දරුවන් දැනුවත් කරමින් අද පාසල් නොඑන බව දන්වා තිබුණි. 
 
සිසුන්ගේ ආරක්‍ෂාව සලකා පාසල් දරුවන් ආපසු හරවා යැවීම සම්බන්‍ධයෙන් තීරණ ගැනීමේ අයිතිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් වෙත පැවරූ බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා පැවසුවේය.
 
ඒ අනුව සෑම දරුවන්ගේ ආරක්‍ෂාවට බොහෝ පාසල්වල දරුවන් ආපසු හරවා යවනු ලැබිණි.
 
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගුරුවරු 22,000ක් පමණ සිටින අතර පාසල් සිසුන්ගේ සංඛ්‍යාව 396000කි. 
 
ගුරු - විදුහල්පති සේවා ඒකාබද්ධව අද(13) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයෙන් අ.පො.ස. උසස් පෙළ සිසුන්ගේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට බලපෑමක් එල්ල වන බැවින් ඒ ගැන අවධානය යොමුකරන්නැයි ඉල්ලමින්  ලංකා ගුරු සේවා සංගමය විභාග කොමසාරිස්වරයාට ලියුමක් යොමු කර ඇත.
 
සිය ඒකාබද්ධ විරෝධතාව ගැන මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සහ පළාත් අධ්‍යාපන ලේකම්වරුන් දැනුවත් කර ඇතැයි ද ඒ නිසා අදාළ සිසු පිරිසට ගැටලුවකින් තොරව විභාග කටයුතුවලට සහභාගීවීමට පහසුකම් සලසන්නැයි ද ගුරු සංගමය විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලයි.
සිය වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා විභාග දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත්වන්නේ නම් ඊට කනගාටුව පළකරන්නේ යැයි ද ලංකා ගුරු සේවා සංගමය යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (1)

ලෙඩ නිවාඩු නිසා සබරගමුවේ පාසල් 1,114ක කටයුතු අඩාලයි

sarath Wednesday, 13 March 2019 04:56 AM

පෙරටුගාමි කඩාකප්පල්කාරී මස් රාත්තලම ඉල්ලීම සහ ඇමතිවරුන්ගේ ඉල්ලීම් කිසිවක් ගණනකට නොගැනීමේ ප්‍රතිපත්තියේ ප්‍රතිපල. ලංකාව එන්න එන්නම ජීවත් වෙන්න නුසුදුසු තත්වයට පැමිණෙමින් පවතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 496 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site